Wednesday, January 7, 2015

කාන්තාරය



කාන්තාරෙක ඇවිද යමි අද
වැසි බිඳක්වත් නොවැටෙනා....
දනක් මුල්ලේ එරෙන මගෙ පා
ගලන ලේ බිඳු පිස දමා....
සුළගෙ විසිරෙන වියළි තණපත්
එකින් එක ගෙන උරයෙ ලා....
සොයන්නෙමි මම බිඳුනු මතකය
විසිර ගිය කතරෙහි පුරා....


හරිත පැහැවිය දිනක මේ බිම
හාත් පස තුරු නිල ගැසී....
දසත කූජණ මියුරු හඩ හා
සුළන් සර හද පිරිමැදී....
සැලෙන නා දළු මිමිණු කවි පද
සවන් අද්දර රැවුදිදී....
කොහේ ගියෙදෝ සරණ සිතුවිලි
දෙනෙත් මත ඇඳ කඳුලැළී....


එක්ව යන්නට වරම් නැතිවුන
නුඹේ ලෝකය මත රැඳී....
තිබුන මගෙ ලොව නුඹ නමින් පෑ
ආදරය තව ඉකිබිඳී....
සදාතන වූ පෙමක නටඹුන්
අතර වැතිරී වකුටු වී....
සොයමි නුඹෙ පා සුවඳ ඉවකර
ඇඳුනු මේ බිම නොම මැකී....



                   කටුස්සා....

15 comments:

  1. විරහ ගීමයි ලියන්නේ. හොඳයි.

    ReplyDelete
    Replies
    1. "විරහවේ රස දන්නෝ එය අතැර නොයෙත්" කියනවනේ අජිත් අයියේ.....

      Delete
  2. එළම තමා. හොඳ බැලන්ස් එකට ලියලා තියෙනවා.
    මං හිතුවෙ අදත් මැතිවරණ නීති උල්ලංඝණය කරයි කියලා.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් නීති ගරුක පුරවැසියෝ වෙච්චිකොට එහෙම අසමත්ජාති වැඩ කරනවද මදාවියෝ වගේ.....

      Delete
  3. නියමායි...
    තාලයකට කියන්න පුලුවං ගති

    ReplyDelete
    Replies
    1. තාලේ හරිනම් තලන්න තියෙන්නේ හිටන්......

      Delete
  4. ඇය යන්න ගියා මැකිලා සින්දුව මතක් වුනා

    ReplyDelete
    Replies
    1. සන්වේදී සිද්දීන් කාට සිද්ධ වුනත් සන්වේදී කම වෙනස් වෙන්නේ නෑ ඉවාන්.....

      Delete
  5. නියමයි බන්!!!
    හොදම නටබුන් තමා පෙමක නටබුන්
    කවදාවත් අගයේ අඩුවක් වෙන්නේ නෑ!!

    ReplyDelete
    Replies
    1. පරණ වෙන කොට අගය අඩු වෙනවනම් ඒවාට නටඹුන් කියල කියන්නෙත් නෑනේ.ඒත් හැමදාම නටඹුන් වලම ජීවත් වෙන්නත් බෑනේ....

      Delete
  6. මම කටුස්සගෙ දැක්ක නිර්මාණ වල ගොඩක් තිබ්බෙ විරහව ගැන. මට හිතෙන විදිහට කටුස්සා විරහව හොඳට විඳල තියෙනව. ලස්සනයි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විරහව රස විඳිනවා බන්.ඒකෙත් අමුතු ගතියක් තියනවා, පැණි පෙරෙන ආදරේට වඩා.

      Delete