Sunday, March 29, 2015

සුදු කලු සහ අළු....





අන්ඃතයට පාවිගිය සිහින ලොවක නුඹ සතුටින්
හීන අහුරු තුරුළුකරන් ආ හැටි මා සමග සෙමින්
පියවි සිහිය අහිමි රැයක සිහිනය බිම වැටුන සොවින්
දැනෙනවාද පාළුව අද මා නැති විට සිහින තුලින්

හමනා සුළඟට මුසුවුනු අපේ පැතුම් සුවඳ මැදින්
දකිනවාද නුඹ මා රුව බොඳවුන සිතුවමක් ලෙසින්
ජීවිතයම පුදකරනට ඔබ ගිවිසපු වචන රැසින්
නටඹුන් වූ රුව දුටුවද නුඹ තැනු මාළිගා දොරින්

වෙනස උරුම ලොව පාමුළ නොවෙනස් වෙනසම මවමින්
කියාදුන්න පාඩම අද අකුරු කරමි සෙනෙහෙ සිතින්
ආදරයක නියම පැහැය සුදු කලු නොව අළු කියමින්
කියාදීල මට නුඹ අද හිනහෙනවද වියරු වෙසින්


කටුස්සා....

22 comments:

  1. සමහර ආදරයන් වල හැටි ඔහොම තමයි බං.. අමතක කරලා දාන එක තමයි කරන්න පුළුවන් හොදම දේ..

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න තරම් දෙයක් දැන් එතන නෑ මචෝ.මම දැන් පොඩි ආතල් එකක් ගන්නවා ඒක මතක් කර කර.

      Delete
  2. /* වෙනස උරුම ලොව පාමුළ නොවෙනස් වෙනසම මවමින්
    කියාදුන්න පාඩම අද අකුරු කරමි සෙනෙහෙ සිතින් */

    කටුස්සන්ටත් අමුතුවෙන් කියලා දෙන්න ඕනෑද වෙනස් වෙන හැටි?

    ReplyDelete
    Replies
    1. මේ කටුස්සට පාට වෙනස්කරන හැටි අමතකවෙලා.මේ දවස්වල ආපහු මතක්කරගන්න ට්‍රයි කරනවා.

      Delete
  3. බූට් කාලා ටික දවසක් යනකන් ඔය ලෙඩේ තියෙනවා.. එහෙම නැත්නම් අපි මිනිස්සුය...

    ReplyDelete
  4. කවි ටික නියමෙට ගැලපෙන්න ලස්සනට තියනවා. විශිෂ්ඨයි.. එක ඇතුලෙ තියන මළඇඬියාව තමයි ඉවසන්න බැරි. give it a break man...

    ReplyDelete
    Replies
    1. උඹලට බස් අජිත්ගේ සිංදු අහන්න පුළුවන් දවස ගානෙම.මම පොඩ්ඩක් සැපක් ගත්තහම තමයි අහන් ඉන්න බැරි....now I'm a totally free man macho.

      Delete
  5. ආදරේ අන්ධයි නේ බන්? ඉතින් කොහොමද බන් අළුපාට කියලා දැනගන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔන්න...ඔන්න ඉතිං උඹත් ඉඳල ඉඳලා කුණුහරුප අහනවා මගෙන්...අනිත්පාට නොපෙනුනාට අළුපාට පේනවලු ලවු කරන එවුන්ට.

      Delete
  6. බූට් එකක් කාපු එකෙක් තමයි ඒකෙ රස දන්නෙ. රසයි කියලා හැමදාමත් කන්න බෑනෙ. ඒක හින්දා ඔන්න ඔහෙ හිත හදාගන්නයි තියෙන්නෙ......

    ReplyDelete
    Replies
    1. මේ මගේ සීන් එකක්ම නෙමෙයි බං.මුන් ඔක්කොම මාව කන්න හදනවා.ආපහු මාසෙකට කවියක් ලියන්නේ නෑ.
      පළවෙනි ගොඩවැදුමට වල්කම් කිවුවා මචෝ.....

      Delete
    2. //ආපහු මාසෙකට කවියක් ලියන්නේ නෑ.//
      අනේ යකෝ. මේ මාසෙ ඉවර වෙන්න හෙට විතරයි තියෙන්නෙ. අනිද්දා ඊළඟ මාසේනෙ :P. උඹ වෙනද වගේම ඊළඟ මාසෙ පළවෙනිදා තව බූට් කවියක් දාල වැඩ අල්ලයි :P.

      Delete
  7. ගල් බෝරේ.............රේ........රේ........ කියල ඕකෙන් ඈතට දුවපන්. බූට් අත්දැකීම් කියන්නෙ වැඩි දවසක් විදවන්න ඕනෙ දෙයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ගල් බෝරේ....රේ....රේ.....දුවපන්....දුවපන් යකෝ....දුවපන්....අම්මට සිරි....උඹලා දුවපන්...නූල පත්තුකරන්න මතක නැතිවුනා. මම ඒක පත්තුකරලා එන්නම්......

      Delete
  8. උඹේ හැකියාවෙන් වැඩක් ගන්න ලියපං ජයග්‍රාහී ප්‍රේමයක් ගැනත්.. ඒක උඹට ලස්සනට කරතහැකි.. නිර්මාණ කියන්නේ අත්දැකීම් විතරක්ම නෙවෙයි.. පරිකල්පනත් එක්කම.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මේක අත්දැකීමක්ම නෙමෙයි බං.මේ දවස්වල මම හෙන ජොලියෙන්.කොහොම උනත් අවවාදයට පිං.
      ජය වේවා....

      Delete
  9. උඹ උඹේ වේදනාව විඳවන්නැතිව විඳිනවා මචෝ. ඔය විඳීමෙ උපරිම ත්‍රිල් එක තියෙන්නෙ තව ඉස්සරහට අනාගතේ. මේ කටුක අතීතෙ දිහා බොහොම උපේක්ෂාවෙන් තෘප්තිමත් ව බලයි උඹ. ඒ වෙනකොට උඹට වගේම අපිටත් රස විඳින්න හැකි නිර්මාණ දාහක් උඹ අතින් මේ ලෝකෙට දායාද වෙලා තියේවි..

    උඹට නැතිවුනේ ආදරයක්.. ඒත් ඇය නැතිකරගත්තෙ ලස්සන ජීවිතයක්.. අනාගතයක්.

    ජයෙන් ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. ඔය විඳින එකත් හරි ජොලි වැඩක් මචෝ.හැබැයි ඒක කරන්නත් ටිකක් හරි දැනගන ඉන්න ඕනේ.නැත්තන් වෙන්නේ විඳීම කෙසේ වෙතත් විඳව විඳව වෛර කරන්න තමයි.ඔය 'ආර්ට්'එක ගැන මූලික හැදින්වීම මට කියල දුන්නේත් මේකෙන්ම මුනගැහුන එක සොඳුරු මනුස්සයෙක් තමයි.

      Delete
  10. කටුස්සො. අනේ බං ඔය රැල්ල ටික දවසකට නවත්තල බූට් සීන් එකක් නැති, පට්ට ලව් එකක් ගැන ලියපන්කො කවි ටිකක්. උඹ ඔය බූට් එක ගැනම හැමදාම කවි ලිය ලිය කොටු වෙලා ඉන්නෙ කියල මට හිතෙනවා. උඹේ හැකියාව මොට කරගන්න එපා යකු :P. දැන් ඉතිං අපිව පෙන්නන්න බැරි වෙයිද දන්නෙ නෑ මේවා කිව්ව කියල :D. ජය වේවා!!!

    ReplyDelete
  11. උඹේ නිර්මාණ රසවිඳින්න උන්දැට පින නැතිකම බං. මුහුදෙ එක මාලුවයැ ඉන්නෙ. අපි යං මාලු බාන්න.

    ReplyDelete
  12. ආදරේ ලඟමලු නේ වේදනාවත් තියෙන්නේ. දුක් වෙවී ඉන්නවට වඩා එන විදිහට මුහුණ දෙන්නයි තියෙන්නේ.

    අපූරු නිර්මාණයක් කටුස්..

    ReplyDelete