Monday, March 9, 2015

ඔබ....



තෙත වැදී පුස්කාපූ නෙතු අගට නොකියාම
ඉරි තැලී වියළි ගිය දෙතොල පෑ සිනහ බිඳ
ඇළුම්කල මා සිතින් සුරකින්න හැමදාම
ලඟ ඉන්න දුර නොයා විඳ විඳම මා සුවඳ

මල් පිපී සිනාසුන නිමේශෙක හමුනොවුන
වියළිබිම මත ඇදුන සිසිල් දිය මගකි නුඹ
ලන්නොවී විඳගන්න සිතුවමුත් දෙනෙත් මග
අනේ පුදුමයි මටම දියට බට මා ගැනම

සන්සුන්ය දිවි පෙවෙත නොමැති කිසි දඟ තාල
රැවටුනෙමි පෙර එදා ඇගේ ලග නිසල සිත
දඟකාර නුඹේ හද පතුලෙ රැඳි මිනිස්කම
සුවඳ විදි මගෙ සිතින් කෙසේනම් හැරයම්ද

සුරකිම්ය නුබව මම මගේ මුළු දිවිය ලෙස
හැරදමමි මගේ සිත් රැදුන හැම සෙවනැලිම
දුක් නොදෙමි කිසි දිනක ඔය නෙතට කඳුළු එන
ඉපදුනෙමි නැවත මම නුඹලගදි සෙනෙහෙ විඳ

කටුස්සා....

23 comments:

  1. එකත් එහෙමයි එහෙනම් .................

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙම වුනානේ හිටන්....
      පළමුවෙනි ගොඩ වැදුමට වල්කම් කිවුවා රාළේ.

      Delete
  2. තෙත වැදී පුස්කාල නං ගිනි අව්වට අල්ලගන හිටපං , නැත්තං අපරාදේ අකලට විනාසවෙලා යයි , නිතර තෙමන්ඩ හොද නැ කියන්නේ ඒකයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....ගුරාගේ අවවාදය පිළිනොගෙන කොහොමද?හෙට ඉදන් ඔක්කොම වැඩ නවත්තලා අවුවේ හිටගන ඉන්නවා.මම කළු වුනොත් උඹ තමයි වගකියන්න ඕනේ.

      Delete
  3. හැමදාම කියන ටිකම කියන්නම් "නියමයි බං, එල"

    ReplyDelete
  4. අහස සේ ඔබ අනන්තයි...
    සයුර සේ ඔබ අනන්තයි...
    මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි...
    ඔබ අනන්තයි...

    වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ
    මධුවිතක් උතුරණ තැනත් ඔබ
    තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

    අඩසඳක් සැඟවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
    සිසිලසක් දනවන තැනත් ඔබ
    උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - රෝහණ වීරසිංහ.

    ReplyDelete
    Replies
    1. නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී
      මල්පිපෙන සුළඟ නීල වලා තුලට ගුලි වෙවී
      සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
      හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්....

      Delete
    2. සින්දු ඇනොත් තමන්ගේම සින්දුවක් ලියන්න කාලෙ හරි.

      Delete
    3. අජිත් අය්යේ මමත් මගේම නොවන සින්දු ගොඩක් ලියලා දැම්මා ඔන්න ...ඇවිත් බලන්න ..හැක් හැක්

      Delete
  5. කටුස්සෙක් උණත් ඌථ් පිරිමි සතෙක් :D

    ReplyDelete
    Replies
    1. අහින්සක වෙජිටේරියන් කටුස්සෙක්......D

      Delete
  6. Replies
    1. ස්තූතියි වැවා....වැවි ඉස්මත්තේ පාළුව අරින්න කාලේ හරිවගේ නේද?

      Delete
  7. අගෙයි! අත්දැකීමක්ද මන්දා?

    ReplyDelete
    Replies
    1. ලාවට වගේ.පළමු ගොඩවැදුම වෙන්නඕනේ මතක හැටියටනම්....

      Delete
  8. //දුක් නොදෙමි කිසි දිනක ඔය නෙතට කඳුළු එන
    ඉපදුනෙමි නැවත මම නුඹලගදි සෙනෙහෙ විඳ//
    මෙහම කියල තමා පටන් ගන්නේ නම්. දුක තමා ඊට පස්සේ.
    පෙම් කතාව හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...මම කවි ලියල අජිත් අයියව අතීතෙට අරගන යනවද කොහේද......D

      Delete
  9. විද විදම ඉදහං.. හැක්

    ReplyDelete
    Replies
    1. මල්සරාට ජොබ එපාවෙලා වේකන්සි කෝල් කරනවා කියන්නේ....මම මේ ඒකට පුරුදුවෙනවා......

      Delete