Monday, December 26, 2016

දඟ මෙනවිය ඔබ මා වල්මත්කල අරුමැසියයි මෙලොවේ....👧

 

මගේ අතින් ලියවෙනා 
හැම පුංචි කවියකම
සිත ඇඳෙන සිහිනයන් 
මැවෙන හැම කතාවෙම
ආදරය වෑහෙනා 
ගොතන හැම වචනෙකම

සරසන්න ජීවිතය 
යොදන හැම කොම්බුවෙම
මම නොදුටු ලස්සනක් 
හැමදාම සොයාගන
හිතුවේ නැති කතාවක් 
හිත්මත්තේ මවාගන
බැන බැනත් හැමදාම 
ලස්සනයි කියන නුඹ.....

කැණ කැණම​ වදදිදී 
නොකිවුවිට තරහ වී
මේ කතා ලියන්නේ 
කාටදැයි අහනකොට
කිසිදිනක පන්හිඳක් 
නොඅල්ලමි සිතුවාට
නුඹ ඇවිත් නටනවිට 
මගේ මන පුරාවට
වෙන කුමක් කරන්නද 
තව තවත් ලියනු මිස.....

Monday, December 19, 2016

පාරමිතාවෙන් යලි උපදින... බැස යන්නද ජීවන පිය ගැට පෙළ...


සමන් මල් පැතු දිවිය අබියස පිපුණ කඩුපුල සුවඳ නැතිමුත් පෙතිමතත් ලේ තිබුනා මල වට රොන් සොයන සමනලුන් සිටියත් මලේ කටු මත පටලැවුනු තටු දරා නෙක නෙක පාට මැවුනත් පැන් වඩන්නට පිරිකරක් නැති හිතක් එක්කලා කෙලෙස ඉන්නෙම් ඇඹරිලාගිය ඉඳුසරක් මත නුඹ තැනුව පා ලකුණු ඉවකර ගතු කියනවා සුළඟ තාමත් පිපෙන්නට පෙර නෙලා ගත්තට නිබ්බුතා පද කියපු සියොතුන් ගොළුකරපු උන සන්නිපාතෙට කෝඳුරුවෝ සැම තෙල් සොයනවලු සඳේ ගිරවිගේ ගුණම කිය කිය කීතුකරගන හිතේ බිත්තිත් මුල් ඇදුන පෙම පිරුව වරදට රැයේ පෙරදුටු හීන ඔක්කොම වීසිකෙරුවලු දොරේ මුල්ලට සොහොන්කොත් බැඳි හිතක් මත්තේ සුරඟනක් විත් ලැගුම්ගත්තට හැඟීමක් මිස ඉඩතිබුනේ නෑ සුරකුමරියන් තියාගන්නට

කටුස්සා....

Sunday, December 11, 2016

මම එවන්නම් ..........



නෙතු අගින් සිනාසී අඬන නෙතු දරාගන නිල් රෝස සිහිනයක් හිත් මත්තේ පුරෝගන නියඟලා මල් සුවඳ රැඳි සුසුම් හොවාගන එපා දුක්වනු සොඳුර සිහිනයන් මවාගන නුඹේ නෙරියත් අඬනවා ඇති වෙරළු ගෙඩියක පහස ඉල්ලා නුඹේ ලයෙනුත් එරෙනවා ඇති ක්ෂීර ගංගා මුට්ටි පුරවා අනවතත් විල සීත දියකඳ ගලනවා ඇති කොට්ට මිරිකා ධවල ඇත්‍ රජු සොයනවා ඇති නුඹේ ගැබ සුදු නෙළුම රන්දා බාර හාර පුද පඬුරු යාතිකා නුඹේ බරටත් වැඩි ඇති තනිව හිඳ ඔබ හෙලන සුසුමින් පඬුපුලත් සෙලවෙන්නැති සප්ත පත්තිනි දේව බලයට නුඹේ සිත නොපෙනෙන්නැති නුඹේ නැඹ පිරිමදින්නට ඹඹු පයට අමතක වෙන්නැති නුඹට මට නොව දහස්ගුණයක් ගැටළුවකි වෙන අයට දැන් "නැද්ද වෙනසක්"අසන පදයෙන් තැලිලා ඇති සිත සියවරක් රෝහලේ කොරිඩෝව මත අපි ඉඳලා ඇති පැය බරගණන් නුඹ අඬනවා බලන් ඉඳලා මම අඬලා ඇති වරුගණන් අයාලේ ගිය සිතක් සුරැකිව තුරුල්ලට ගෙන ලයහොවා කරන පෙළහර බිම හොවන්නද කිරි සිහින නොපෙනෙන නිසා සසර කෙළවර එකට ඉන්නට පැතූ පැතුමන් හිතවසා ගෙවමු දෙන්නම සසරේ තැනකදි කරපු පවු සමසේ දරා
කටුස්සා....

Tuesday, November 29, 2016

👹මහඹබාට මූණු දෙකයි 👹



ජයවතී... කොහේද උඹ
ඒ වෙලාවේ පාරක් ගැහුවට... හිතේ කේන්තියට
දැන් ඇඬුවා ඇති නේද
වරෙන් එළියට නාඩ

අවුරුදු දහයකට මෙපිට උඹ එන්නට කලින් මෙහෙට
යක්කු නටපු පිට්ටනියක් වගේ තිබුන මගේ නිවස
එළියවුනේ උඹ ආ පසු කොතෙකුත් මම කියා ඇද්ද
සමහර කාලවල් තිබුනා දුක් කරදර බොහොම ආපු
පාන්බාගේ බෙදාගෙනත් කෑවා අපි සීනි එක්ක
උඹ හිටියා මාත් එක්ක හෙවනැල්ලක් වගේ ලඟම
කවදාවත් කිසිම බයක් දැනුනේ නෑ මගේ හිතට


පුංචි එවුන් දෙන්නා එක්ක යමර යුද්දේ කරනා විට
උදවුවකටවත් එන්නට නොහැකිවුනත් වැඩත් එක්ක
කවදාවත් මැසිවිල්ලක් නැගුනේ නෑ උඹෙ මුවගට
සිමෙන්ති ගල් එකට තියා අලුත් කෑලී අමුණන විට
මාත් එක්ක අත්වැඩදී බරවැඩකලේ ලහි ලහියට
සිමෙන්ති ඇණුනේ උඹ හෙළු දහඩිය හා හරි හරියට
බිත්තියෙනුත් දැනෙන්නේ මට ඒක නිසයි උඹේ සුවඳ


කවිඳු ට්‍රාන්ස්පෝර්ට් ලොරියේ පඩිය වැඩිනිසා ගියාට
දවස් ගණන් මයියංගනේ වැලි මංකඩ නිදි වැරුවට
හිතට මොකද්දෝ දැණුනා අම්මපා ජයතියේ මට
උඹ ගැන සැකයක් හෙම නොව ලොරිය කැඩුන නිසා මගම
ආවේ මම ගෙදරට හෙට උදේ නැවත යමි සිතාන
උඹේ කෙඳිරියත් එක්කලා ඇහෙනා විට හතිලන හඬ
වාවන්නේ නැතුවගියා ජයවතියේ මට දිවියම

ලයිෆ්බෝයි වලට වඩා මුදලාලිගේ සෙන්ට් සුවඳ
නහයට නුඹේ දැනෙන්න ඇති ගැහැනියක් නිසා කදිමට
උගේ රත්තරං මාලය උඹේ පපුවේ ගෑවෙන විට
කිතිකැවුනද උඹේ හිතත් හීගඬු නංවා ඕසෙට
මගේ තරම් ගොරෝසු නැති සිනිදු ඇඟිලි නලියනකොට
ජම්බුගෙඩිය වගේ රතට උගේ මස්ගොබ දිලිසෙනවිට
රැවටුනාද ජයවතියේ උඹත් උගේ වදන් වලට

දුප්පත්කම ඇමට යොදා ගෑණු බාන බඩ තඩියව
අම්මපල්ලා එකපාරින් බාවන්නට හිතුනත් මට 
පොඩිඑවුන්ගේ මූණ මතක්වුන හින්දා නැවතුනා මම
ඒ වෙලාවේ තුන හතරක් ගැහුවත් මම ආවේගෙට
ඒ හැම පාරම වැදුනේ මටමයි නුඹ දන්නවාද
මගෙ අතපය හයියයි තව උඹලට කන්නට දෙන්නට
මාත් එක්ක කහට උගුර දෙකට බෙදන් බීපු උඹව
අරගන ආයෙමත් වරෙන් ජයවතියේ මගේ ලඟට


අහපන් දැන් ජයවතියේ නාඬා වරෙන් උඹ එලියට
පොඩි එවුනුත් බයවෙනවා තවත් ඔහොම අඬනා විට
අද පන්සලේ මහ පෙරහැර උඹහට අමතකවුනාට
ගියපාරත් අපි ගියහැටි මතකද රෑ හඳපානෙම
ඇගපත හෝදාගන විත් පොඩි එවුනුත් එක්කරගන
රෙද්දේ ඇළුන තුත්තිරි ඇට ඔක්කොම ගලවා විසිකර
මූණු දෙකේ මහඹබාව බලන්න යමු අපි හනිකට


කටුස්සා...

Sunday, November 20, 2016

සැලෙන්නේ සිත අවදිවේයැ'යි බියටයි......

මේ දුකම කොයිතරම් මිහිරක්ද හිතවතිය... වෑයමෙන් පපුතුරේ සඟවගත් ආදරය විළිබරව වේදනා විඳිද්දී සිහිනයෙන් සිහිනයට මගේ නෙතු පියන් මත නුඹ ඇවිත් තරු රටා මවද්දී බිම වැටුන මල් පෙත්ත මතවුවත් කවි සිංදු සිය ගණන් ලියන්නට හිතෙද්දී වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත් රැගෙන යන බව මමත් දනිද්දී දැනගනත් හැමදේම නොදන්නා සේ නුඹත් මා එක්ක වල් පල්ම කියද්දී නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන් නුඹ එක්ක වල්පල්ම ගොතද්දී ඉපිදගත නොහැකි පෙම ආත්මය ඉරාගන හදවතේ ගැඹුරටම ඇදෙද්දී වේදනා නොපෙන්වා හිනාවීගන ලොවට හිතාගනු බැරි චරිත මවද්දී ඇත්තටම දැනෙන දුක කොයි තරම් සුමිහිරිද ඔබ නිසා හිතවතිය....

-කටුස්සා-

Tuesday, November 15, 2016

To mr.president -02


මම කවුද
මේ කොහේද
මට මුකුත් මතකනෑනේ
කෝ මේ පත්තරේ
මම ජනාධිපති මේ රටේ
හොල්මන්ද

අම්මටසිරි ඔව්නේ
මම ජනාධිපති උනානේ
උනා නෙමෙයි කෙරෙවුවනේ
පොරොන්දු මම
දුන්නද අඅ
මතක නෑ මට මුකුත්

මොකක්
යහපාලනය
කොමිශන්සභා
ව්‍යවස්ථාව
මේ මොන කුණුහරුපයක්ද
මොනවද ඒවා

සිවිල් සංවිධාන
මම පොරොන්දුවුනාද උන්ට
එහෙනම් ඔන්න ඔහේ දීලා දානවා
හැබැයි  මට කියනවා
දෙන්න ඉස්සල්ලා

‍පක්ෂ සභාපති
ආ ඔව් ඔව් ඒක මතකයි
හෙන අමාරුවෙන් ගත්තේ
කලින් එකාගෙන්
නොතිබ්බානං මට
මොන නවනිංගිරාවක්ද

වයස දාසයේ ඉදං
කටු කාපු මට
මොනතරම් ප්‍රෞඩ පක්ශයක්ද
ජනාධිපතිකම මොකද්ද
සභාපතිකම එක්ක බලද්දී

මගේ පුතා ක්ලබ් ගිහින්
මොකක් කියුවා ගහගන
ඔය නොට්ටිගේ පුතාට කිවුවා මම
ඉස්සර හිටිය එකාට
පුත්තු නිසා වෙච්ච දේ හිටං
හැමිනෙනවනේ මූ

පූජිතට කතාකරන්න ඕනේ
නවලා ගොඩින් බේරගන්න
නින්ද යන්නේ නෑ කන්න බොන්න බෑ
අඩුමගානේ වැසිකිලිවත් යන්නෑ

මතක්වෙන්නෙම නෙලුම් පොහොට්ටුව
පැරදිලාවත් පාඩුවේ ඉන්නෑනේ
ඒකෙයි මේකෙයි...
දෙකේම සභාපතිවුනානම් මූ
ඉඳලා වැඩක් නෑ

නැතිවුනොත්
පක්ෂ සභාපතිකම
වැට්
චීනය
ඉංදියාව
අයවැය
ඒ අස්සේ මුන් හත්පොලේ ගාගනනේ

දෙන්නම් කිව්වටත් පස්සේ
උද්ඝෝෂණය කරපු එවුන්ට ගහලා
ඊයා රනිල් ඔයානම්

කිව්වෙනං  ඔක්ක බලාගන්නම් කියලා
බලන ඇටිකෙහෙලක් නෑනේ
ඕකෙන් මේකෙන් වෙන්නේ
සභාපතිකමට කෙලවෙන එක තමයි

පත්තරේ අරං බලන්න ඕනේ
හෙට උදේට
තව මොන මගුලක්
කරලද දන්නැ
ඇයි යකෝ මටම කෙලවන්නේ

-කටුස්සා-

Wednesday, November 9, 2016

මට දැනෙනවා ආදරේ.....



මට හොරෙන් මගෙ සිතේ
නුඹ යනෙන බව දනිමි
තබන පියවර හඬට
සිහිනයෙන් අවදිවෙමි

නොඑන්නට කිසි කෙනෙකු
හද අගුළු ලා ගතිමි
කෙලෙස නුඹ ඇතුළුවුන
මග තවම මම සොයමි

හොරෙන් විත් යන ලෙසට
සිතුවේ ඇයි නොම දනිමි
නුඹ සුවඳ යොදුන් දුර
සිට වුවද මට දැනුනි

හදවතම කවියක්ව
නුඹ වෙතම පුද කලෙමි
නොදත් ඔබ ඒ බවක්
තවම එහි පද සොයති

ගොළු කරපු ආදරය
දැනුදු පණ නල යදිති
නොදුටුවා සේ ඔබත්
තනිව හිද ඉකිබිඳිති

කඳුළු රැඳි හදවතේ
දුකක් නැති බව දනිමි
නුඹේ මුදු පිරිමැදුම
සියොළඟම දවාළුනි

අපිළිවෙල හද ගැස්ම
තවම නුඹ නම කියති
මගේ ප්‍රියතම කවිය
නුඹම බව දැන් දනිමි

කටුස්සා....
පොකුරු වැහි අක්කා.... මමනම් කතාකරන්නේ  එහෙමයි. දවසක් වෙන බ්ලොග් අඩවියක දැමූ කමෙන්ටුවක් වැරදීමකින් ඇයගේ අඩවියේ පලවුනා. ඒ මාස 4-5 ට විතර ඉස්සල්ලා වෙන්න ඇති. සිදුවූ වරද පහදා දුන්නාට පසුව එම කමෙන්ටුව ඉවත්කර ඉතාමත් සුහදශීලීව මා හට සමාව දෙන්න තරම් ඇය කාරුණිකවුනා. ඇයගේ කවිකාරකම මේ බ්ලොග්ලෝකයේ බොහෝ දෙනෙකුට රහසකුත් නෙමෙයි. ඇයගේ අඩවියේ පලවුන ඇයගේ අවසාන කවිය, ඔබේ කවි හදවතේ අැවිද යමි.. මොකද්දෝ නොදන්න හුරුපුරුදු කමක් හදවතට දැනෙවුවා. අඩුමගානේ ඒ කවියට කමෙන්ටුවක්වත් දැම්මේ නෑ. ඒ කවිය කියවපු ගමන් සේවා ස්තානයේ ලොග් පොතේ කුරුටු ගෑවුනේ මේ පදපේලි ටික . ඇයගේ කවිකමට අලගු තියන්න තරම් කවිකාරයෙක් නොවුනත් ඒ කවියි, මේ කවියි දෙකම මගේ හිතට ගොඩක් දැනුන නිසා ඇයගේ අවසරය ඇතුව මම මේ කවි මගේ අඩවියේ පලකරනවා. මේ කවි කියවන්න ඉස්සල්ලා ඒ පැත්තට ගොඩවැදිලා අදහස් දක්වලා ඇවිත් මේ කවිය කියවලා යන්න කියලා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.පොකුරු අක්කේ ,මේ කවියෙන් ඔයාගේ කවියට අනර්ථයක් සිදුවුනානම් සමාවෙන්න....

Thursday, November 3, 2016

පමාවී ඇවිත් උයනේ පිපුන මල් නෙලාගනු බෑ....























සිහින නොදකින රැයක් වනු මිස
පාට සිහිනය වන්නේ කෙලෙසද
ආදරය හරි ලාභ මගෙ ලඟ
යශෝදාවත කියනු කුමකට

මේ ඉසවුවේ මලුත් නපුරුයි පෙති අඩුයි කටු බොහෝමයි
සුවඳ බලනට ලංවුනොත් නුඹ කටු ඇනී නුඹ හට රිදෙයි
නොඹැළුවත් පෙර දයාවෙන් ලොව උඹ ලඟදි හිත හිරිවැටෙයි
කටු ඇනී ලේ ගැළුවොතින් නුඹේ මටම මාවම එපාවෙයි

මගහරින්නට කීවමුත් සිත නෙත් කැලුම් නුඹ නෙත පතයි
ලිහාගන්නට නොහැකි වරදට දිනෙන් දින සිත වට වෙලෙයි
කතානොකරන එකම දවසක් කල්පයක් මෙන් මා දවයි
හඳුනගන්නට  නොහැකි සිතුවිළි පෙරුම් පුරමින් මගබලයි

 කාත් කවුරුත් නොමැති කාලයේ පාලු මැකුවෙත් ඔබ තමයි
ඉවරයක් නැති කතා අතරින් සවන් සෙවුවේ ඔබෙ හඬයි
සිනා නොමදුටු සිතක කෙළවර සදා ඇඳුනේ ඔබේ නමයි
හෙට දිනක නුඹ පිටව ගිය පසු දිවි ගෙවන යුරු නොම දනියි

කටුස්සා....

Wednesday, October 26, 2016

මටත් හිතයි එන්නට සඳ රැස් අතරින්....



සුදුම සුදු කෙල්ලෝ මැද
කලුම කලු කෙල්ල උඹ
ඒ උනත් මට වඩා
සුදුම සුදු මල් පොකුර

මට කෙලින් මේසයේ
හැමදාම වාඩිගන
නළල රැලි වෙනකම්ම
අ'සයිමන්ට් කරන නුඹ
වෙතම නෙතු යොමනු මිස
වෙන කුමක් කරන්නද

රැලි වැටුන කෙහෙරැල්ල
ක්ලියෝපැට්‍රා නහය
ඇස් දෙකේ උලාගත්
පාට පෙට්ටියේ පාට
මිරිකුවොත් රතු වෙතැයි
සිතෙන නුඹේ කොපුල්තල
යස්සනියෝ පරදවන
නේක පැහැ නිය මඩල
ලෝගුවට යටවිච්ච
අනික් ටික මවනු මිස
නිදිමතේ සිටින මට
වෙන කුමන වැඩක් වෙද
ඒ උනත් තවම මට
මවාගනු නොහැකිවුන
අබායට නොවැසෙනා
ලොකුම ලොකු නුඹේ පස්ස
කවදනම් මවන්නද

ඉඳහිටක එසවෙනා
නෙත මාව දකිනවිට
නුඹේ මුව මත ඇඳෙන
හිත පිරෙන සිනහ මල
දවසකට දෙක තුනක්
ලැබුන්නැත්තන් මෙමට
කෑවේ නෑ වගේ වෙයි
සත් දිනක් එක දිගට

නික්මයන විට ලඟට
පැමින සුභ පතන විට
අඩි දෙකක් පසු පසට
යන්නේ මම නොදැනීම
නුඹේ දිග යක් නියට
අඩි දෙකට වඩා උස
උල්ම උල් කකුලකට
යටවෙලා මියයැතැ'යි
දැනෙන බියකට මිසක
නුඹේ අත අල්ලන්න
බියක් ඇති නිසා නොව

කටුස්සා....

Sunday, October 2, 2016

ඒ ඇති මට මගේ නෙත් යුග පියෙන තුරා ......





කළු වලාවෙන් වැසුන සඳවත
සිනා සෙද්දී නෙතු කොනින්
බොහෝ දුර ඇති වියලි පොලවක
මල් පිපෙන යුරු සැක සිතින්
යොමා සඳවත සැලෙන නෙතු පිය
බලා සිටියත් හිස්කමින්
කුමට තව තව හෙලනු සඳරැස
පොළව අසරණ වන ලෙසින්  

නගන කග පත දැවෙන එළියට
අන්ධ වන නෙතු යුග වසන්
උරුම නැති හෙට මවනු සිහිනය
සිත්කොනක ලොවටත් හොරෙන්
තුරුළු කරගන දිලෙන සඳවත
අකීකරු සිත තද කරන්
කුමක් කරමුද දුටුව විට ලොව
සඳ අහිංසක වැඩි බැවින්

එළිය පමණක් අයිති පොළවට
සඳක් උහුලනු බැරි සොවින්
කඳුළු නැගුනා පොළව නෙතු මත
සිහිව සඳ දුන් මතකයන්
ලංවෙනා බැරි ඈත දුර සිට
දිලෙන සඳ නොදකින ලෙසින්
තදකරන් හිත යොමමි නෙතු නුබ
දිලෙන තරු හිනහෙන බැවි

Friday, August 26, 2016

පාට වෙනස් නොවන කටුස්සාගේ ගීත 16- Katussa's 16 choices counted by Mrs. GK

කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා යන්තම් බ්ලොග් පැත්තේ කරපෙවුවහම මෙන්න යකෝ මුන් ඔක්කොම සිංදු කියනවා.... ඊරිසියාවේ බෑ...ඉයන් තමයි ගින්න අවුලවලා තියෙන්නේ.බැලුවේ කමියගේ පෝස්ට් එක විතරයි.අනික්වා බැළුවොත් හිත වෙනස්වෙනවා.ඒ නිසා ගේමටම බැස්සා, කාමරේ අල්ලලා දාලා. වැඩකරන සේවකයෙක් අතින් ගඩොල් කැටයක් බිමට වැටුනත් අක්කර ගනන් රිපෝර්ට් ලියන්න සිද්දවෙලා තියන අළුත් රස්සාවේ බොසාට හොරෙන් කැමතිම සිංදු ටික ෆෝන් කට්ටෙන් ටයිප් කරන එකත් අමුතුම ජොලි වැඩක්. මාස ගානකින් මේ පැත්තේ එන්න බැරිවුන නිසා, කමෙන්ටුවක් කොටන්න බැරිවුන නිසා මේ ලිපිය ගොඩදෙනෙක් අතරට යන එකක් නෑ.ඒත් සිංදු වලට තියන පෙරේතකම නිසාම මේක ලියනවා. ලැබෙන කමෙන්ට් වලට පිළිතුරු ලියන්න, අළුත් කමෙන්ටු කොටන්න ඉඩ නොලබෙන එකට සමා අවසර. නවාතැනේ වයිෆයි තාවකාලිකව අත් හිටවලා අළුත්වැඩියාවක් නිසා.රාජකාරී ස්තානය පුස්තකාලයක් ඇතුලේ නිසා හරි පරිස්සමෙන් තාක්ශනික් උපකරණ භාවිතාකරන්න වෙලා තියෙන්නේ. පෞද්ගලික ඉන්ටර්නෙට් සම්බන්දතාවක් ලබාගන්න ගියා.10gb මාසික ගාස්තුව ලංකාවේ මුදලින් රු.15000ත් පනිනවා. හරියට උන් ගෙදරින් ගෙනල්ලා දෙනවා වගේ.ගොඩක් දුරට තව මාසෙකින් විතර වැඩේ ගොඩදාගන්න පුළුවන්වෙයි. කොච්චර අපහසුතා තිබුනත් සිංදු වලට තියන පෙරේතකම නැතිකරගන්නේ කොහොමද?


ජීවිතේ එක එක කාලවලදී අහන සිංදු ඉබේම වෙනස්වෙනවා.ඒත් කටුස්සගේ ජීවිතේ කවදාවත්ම කැමැත්ත වෙනස්වෙන්නේ නැති ගීත 4ක් තියනවා.මේ තියෙන්නේ ඒවායෙන් පළවෙනි එක. මම වනාහි සුට්ටන් කාලයේ සෑහෙන්න ලැජ්ජාශීලී දරුවෙක්.කොටින්ම කිවුවොත් ගෙයි ගෙම්බෙක්. සිංදුවක්වත් කියන්නේ නෑ කාටහරි ඇහෙයි කියලා. ඔහොම ඉන්න කොට 7 වසරෙදි වගේ රූපවාහිණියේ සිංදුවක් යනවා ප්‍රදීපාගාරයක් පසුබිම් දර්ශනය කරගන. ඒ කටහඬට, ඒ සංගීතයට කොච්චරනම් හිත ගියාද කියනවනම් අදටත් කටුස්සාගේ ලෝකයේ ප්‍රියතම ගායකයා ඔහුයි. ඒ ගීතය එදාම පාඩනුත් හිටියා. ගොඩක්ම මේ පද දෙක.... "දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම්කර සැගව ගියේ... "
අදටත් ඔහුගේ එක එක යුගවල ඔහු ගායනාකරපු ගීත ඇහුවත් මම තාම කැමති "එක්ටැම්ගේ" චිත්‍රපටයේ "උන්මාද සිතුවම්" ගීතය ගායනාකරන ඔහුගේ කටහඬටමයි.ඒ මූසල කටහඬට මිනිහෙක්ගේ ජීවිතයක් වෙනස්කරන්න පුළුවන් කියන එක මම තාම පිළිගන්නවා. අන්න ඒ නිසාම තමයි ගුනදාස කපුගේ ශූරීන් තාමත් මගේ ලෝකයේ නොනැසී ජීවත් වෙන්නේ.
කටුස්සා ගෙයි ගෙම්බා වගේ හැදුනට කටුස්සගේ අක්කනම් එහෙම කෙනෙක් නෙමයි.සෑහෙන්න සමාජශීලී චරිතයක්. කාලෙන් කාලෙට එන රැලිවලට බය නැතුව ඔළුව දාන ,ටික කාලෙකින් ආපහු එයාගේ ට්‍රැක් එකට වැටෙන අමුතුම චරිතයක්.දැන් මම මේ කියනකාලේ එයාගේ රැල්ලවුනේ නාමල් උඩුගම. ඔයකාලෙත් කටුස්සා 6-7 වසරවල වගේ ඇති.අක්කා දවසක් නාමල්ගේ සිංදුවගයක් යාලුවෙක් රෙකෝර්ඩ් කරලා දුන්නා කියලා කොහෙන්දෝ කැසට් පටියක් ගෙනල්ලා මහ හයියෙන් දාගන අහනවා.ඒ රෙකෝර්ඩ් කරපු ගීත අහවරවෙලා එකපාරටම ඒ කැසට්පටියේ තිබුන මුල් ගීතයක් වාදනයවුනා.
"හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා දුරක යවා....."
අන්න ඉතින් කටුස්සා ෆෝර්ම් වෙලා මුළු සිංදුවම අහන්නගත්තා.මගේ කැමැත්ත කවමදාවත් වෙනස්නොවෙන ගීත 4 ඇතුලට සුනිල් එදිරිසිංහයන් ගායනාකරන "සඳකඩ පහනක" ගීතය ඇතුලත්වුනේ අන්න ඒ විදිහට. ගීතයේ පදරචකයා පවා තේරුමක් ඇත්තේ නෑ කියන මේ ගීතයට පස්සේකාලෙක බිහිවන පණ්ඩිතයෝ මාර මාර තේරුම් දුන්නත් කටුස්සා කැමතිම ගීත 4 ඇතුලේ මේ තේරුමක් නැති ගීතය දෙවනිතැන වැජඹෙනවා තාමත්.

හැමෝම කියනවිදිහට කටුස්සාගේ පියාගේ ප්‍රියතම ගායකයා වෙලා තිබුනේ වික්ටර් රත්නායකයන්. ඒත් ගෙයි ගෙම්බා කාලේ ඔහුව මුනගැහෙන්න ටිකක් පරක්කුවෙනවා. ඒ ඔහුගේ "දෛවයෝගයකින්" කියන ගීතය අහනකම් විතරයි.එයින් පසුව වික්ටර් රත්නායකයන්ට වහ වැටුන මම ඔහුගේ ගීත කොපමණ ඇහුවත් කිසිදා නොනැසෙන ගී 4 නාමාවලියට ඇතුලත්වුනේ දෛවයෝගයකින් විතරයි.
කටුස්සගේ ලෝකයේ සදාකාලික ගීත 4න් අන්තිම ගීතය. ප්‍රියතම ගායකයන් අතුරින් සුනිල් එදිරිසිංහයන්ට වඩා කපුගේ, වික්ටර් රත්නායකයන් ඉදිරියෙන් සිටියත් මේ ලැයිස්තුව සෑදීමේදී "සියල්ල ඉදිරී ගරා වැටුන දා" සහ "මගේ සෙනෙහස" කියන ගීත ඉවත්කලේ පුදුම අමාරුවෙන්. ඒ එකම ගායකයෙක්ට එච්චර ඉඩක් වෙන්කරන්න බැරිනිසා. මැරෙන වෙලාවෙදී පිරිත් වෙනුවට මේ ගීත 4 ඇහෙන්න සලස්වනවානම් කටුස්සාට වෙන කිසිමදෙයක් ඕනේ නැතිවෙයි.
පාසලේ 8-9වසර වල කටුස්සා පාසල්ගියේ මාමාත් සමග ඔහුගේ වෑන් රථයේ.දවසක් ඔහු ඒ කාලයේ නවක ගායිකාවක් වුන නිරෝශා විරාජිනිගේ පළමු කැසට්පටය වන "නාඳුනන සිහිනය" කියන අලුපාට කැසට්පටය වාදනය කලා. "කෝ මගේ යෙහෙළියෝ", "සියොතුනේ උතුරින්", "විහඟ තුඩින්" "ආගන්තුක ආදරයේ" "සිත ඔබට මුලාවී" වගේ මාරම ගීත රාශියක් අතුරින් කටුස්සාගේ හිත ගොඩක්ම ඇඳ බැඳගන්න සමත්වුනේ ඒ කැසට්පටයේ 15 වන ගීතයවුන "සිහිනෙන්" කියන ගීතයයි. නාඳුනන සිහිනය කියන කැසට්පටය අනිකුත් කැසට්පට හා සාපේක්ශව බලනකොට හොද මට්ටමක තිබුන එකක්. තමන්ගේ ජනප්‍රියවන ගීත එකක් දෙකක් සමගින් කොහෙන් හෝ අහුලගත්තු ගීත රාශියක් ඔබ්බලා ගී තැටියක් කරනවා වෙනුවට නිරෝශා එතනදී හොදින් තෝරා බේරාගත්තු ගීත 16ක් ප්‍රේක්ශකයන්ට තිළිණ කරනවා. පසුකාලීනව කටුස්සා ඇසූ ගී තැටි අතුරින් එවැනි තත්වයකට ගොඩක්ම කිට්ටුවුනේ සංගීත්ගේ "සැවන්දරී" ගී තැටිය විතරයි. ඒ කාලය හා සැසදීමේදී සිහිනෙන් හෝ කියන ගීතය අමුතුම ආරක් ගන්නවා. කටුස්සා හිතන විදිහට ඒකට ප්‍රධානතම වග උත්තරකරු වන්නේ ඒ ගීතයේ සංගීත අධ්‍යක්ශක වුන හර්ශ බුලත්සිංහලයන්. මොන හේතුවක් නිසා ඔහු සංගීතයෙන් ඈත්වෙලා ඉන්නවාද කියලා කටුස්සට හිතාගන්න බෑ. අනික් සුවිශේශී කරුණ තමයි මේ ගීතයේ පදරචකයා ලූශන් බුලත්සිංහලයන් වීම. ඒ තාත්තගෙයි පුතාගෙයි ගීතය නිරෝශා තමන්ගේම කරගන ගායනාකරනවා ඔවුන් දෙදෙනාට ඊරිසියා හිතෙන තරමටම.

මේ ගීතයනම් කටුස්සාගේ දෙවන පෙම්වතියගෙන් කටුස්සාට ලැබුන තෑග්ගක්. ඒ කියන්නේ මේ ගීතය කටුස්සා පළමුවරට අහන්නේ ඇයගේ බලකිරීම මත. අහපුගමන්ම උන්හිටි තැන් අමතක කර දමන්නට සමත්වුන ගීතයක්. මෘදුව ගලාගන යන සංගීතයත් එක්ක මුසුවුන කසුන්ගේ කටහඬ දිව්‍යලෝකයක් මවනවා මනස ඇතුලේ.
මේක ජීවිතේට වැදගත්වන ගීතයක් වුනෙ කෙල්ලෙක් නැතුව වේලි වෙලී හිටිය කටුස්සාට පළවෙනි පෙම්වතිය හොයාගන්න උදවුකලේ මේ ගීතය වීමයි. යෙහෙළියෙක් විදිහට ඇසුරුකරපු ඇයව පෙම්වතිය කරගැනීම දක්වා දුර ගිය කතාවේදී මේ ගීතයට සුවිශේශී තැනක් හිමිවෙනවා. අපිට සමහර මිනිස්සුන්ව දැකපුගමන් ලැදියාවක්, ආදරයක් ඇතිවෙනවා. හිතාගන්න බැරි හේතුවක් නිසා.ඒ වගේ හැඟීමක් කටුස්සාගේ හිතේ ඇතිකරපු කලාකරුවෙක් තමයි ලක්ශ්මන් විජේසේකරයන් , මේ ගීතයේ ගායකයා. අනිත් කරුනනම් මේ ගීතයේ සංගීතය. කනට වදයක් නැති මෘදුව ගලාගන යන ආදරය වෑස්සෙන සංගීතයක්. ඒ මදිවට මේ ටෙලියේ පසුබිම් දර්ශනය. මොන මගුලක්ද මන්දා පොඩිකාලේ ඉදන්ම කටුස්සා රබර්වතු වලට පුදුම විදිහට කැමතියි. මේ ටෙලියේත් බහුතරයක් දර්ශන වලට පසුබිම් වන්නේ රබර් වත්තක්. ඉතින් තවත් හේතු ඕනෙද මේ ගීතය මේ ලැයිස්තුවට ඇතුලත්වෙන්න.
නිසල සිතුවිලි සසල තුරු ලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැළඳ සැනසෙන තැනක සගවමි හද සෙනේ සුසුමන්...
අමුතුම ආරේ කතාවක් ගැන කියවෙන ගීතයක්.ඒ කටහඬ ගැන ආයෙත් කියන්න දෙයක් නෑනේ.මේකත් ඉස්ස ඉස්සල්ලාම දැක්කේ රූපවාහිනියේ, රවින්ද්‍ර හා මාලනී එක්ක.ඒ කාලේ මාලනී ෆොන්සේකාට එච්චර කැමත්තක්නම් තිබුනේ නෑ. ඒත් පස්සේ කාලෙක ඇය රගපාපු බඹරු ඇවිත් චිත්‍රපටය බැළුවහමනේ වැඩේ පත්තුවුනේ....අම්මට සිරි මාලනී....පුහ්. ඒ රඟපෑම, ඒ රූපය..... කිසි බයක් නැතුව මේ ගීතයේ කටහඬත් එක්ක සම තැන තියන්න පුළුවන්.මේ ගීතයට මෙච්චර කැමතිවෙන්න මාලනියත් හේතුවක් වෙන්න ඇති.ඔක්කොටම වඩා මේ ගීතය ආරම්බයේදී "ආරාධනා......." කියලා අමරදේව මාස්ටර් අදින ඇදිල්ල....ඒකනේ ඇදිල්ල. ඒ වචනේ ඉවරවෙන තැනක් හොයාගන්න නැතුව ඉබේම මැකිලා යනවා. අපේ භාශාවෙන් කියනවනම් අලුවත් ඉතිරි නොකර.

ඇත්ත කිවුවොත් මිල්ටන් පෙරේරා කියන්නේ කටුස්සාගේ පරම්පරාවේ ගායකයෙක් නෙමෙයි. ඔහු මියයන විට කටුස්සා අවුරුදු 3-4ක චූ කොල්ලෙක්. ඒ නිසාම ඔහුගේ ජනප්‍රියයැයි කියන ගීත අතලොස්සක් හැරුනවිට මහාගොඩක් ගීත අහලා නෑ.ඒත් විප්‍රවාසී වන්න ආසන්නයේ සිහිනයකි රෑ කියන රූපවාහිනි සංගීත වැඩසටහනට ලකී ඩයස් මහතා පැමිනෙනවා.ගීත ගායනා කරන්නේ නුවන් පෙරේරා මහතා. එතනදී ලකී ඩයස් මහතාගේ තේරීමක් විදිහට මේ ගීතය ගායනා කරනවා. ඒ තමයි මේ ගීතය අහපු පළමු වතාව.එතනදී දුටු දා ඉඳලා පෙම් බැන්දා වගේ මේ ගීතයට හිත ඇදිලා යනවා. මා එක්ක ඒ වැඩසටහන බලපු අම්මාගෙන් අහලා ආපහු පද ටිකත් හොයාගන්නවා.මහා ලොකු තේරුම් නැතිවුනත් ඒ සරල ගීතය එදා ඉදන් අද වෙනකන් ප්‍රියතම ලැයිස්තුවේ තියනවා.
මේ ගීතය ඉස්සල්ලම අහන්නේ 7වසරේ ඉන්නකොට ලොකු මාමලාගේ ගෙදරදි. ඒ කැසට් පටයෙම නන්දා මාලනී සහ කපුගේ ශූරීන් ගායනාකරන "ඝාතකයා" කියන ගීතයත් තිබුනා කියලා මතකයි. දේශීය ජන සංගීතයට හුරුකම් කියන සංගිතයත් එක්ක අපූරු කටහඬවල් දෙකක සම්මිස්‍රනයක්.කටුස්සාට තේරෙන විදිහටනම් හෙන ජොලි සිංදුවක්. ආදර ගීතයක් වුනත් මොකද්දෝ නොතේරෙන උපහාසයක් මුලු ගීතය පුරාම ගැබ්වෙලා.
කිසිම කලබලයක් නැති ගායකයෙක්ගේ කිසිම කලබලයක් නැති ගීතයක්.ජීවිතේ මේ ගෙවන කාල වකවානුවට ගැලපෙනම , හරියට කටුස්සටම හදලා කියනවා වගේ හිතෙන ගීතයක්.මේ දවස්වල නිතරම ඇහෙනවා.නිතරම කියවෙනවා , හැබැයි "අනේ...ඕකේ තියන විදිහටනම් වෙන්න එපා..."යි දෙවියන්ට වැඳ වැඳ.

අමුතුම ආරක කටහඬක් තියන ගායකයෙක්. ඔබේ මගේ බහුතරයකගේ කටහඬ අවසානයේදී හීනිවෙලා ගිහින් නැත්තටම නැතිවෙනවා.ඒත් මොහුට තියෙන්නේ අවසානයේදී උච්ච ස්වරයට ගිහින් නැතිවෙලා යන කටහඬක්. ඇත්තටම ඒක ඔහුට දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක්.වැඩිය කලබලයක් නැති පුදුමාකාර ලස්සන ගීත ගොන්නකට හිමිකම් කියන්නෙක්.
හැම හමුවීමකටම....නියමිත අවසානය ඇත්නම්.... සේරුන් උව ගයනා ගීයට විරාමයක් දේනම්.... මට මොකටද තව පෙරවදනක් ඔබගෙන්
කවුරු මොන විදිහකට කිවුවත් ඔහු විශිෂ්ඨයෙක්. දාහක් විවේචන මැද්දේ තමන්ගේ ආර නිර්මාණය කරගනිමින් නොසැලී තමන්ගේ ගමන යන්නෙක්. ඉස්සරනම් කටුස්සා ගොඩක්ම කැමතිවුනේ ඔහුගේ "සඳේ ඔබ" හා "උදා හිරු එළියේ" කියන ගීත දෙකට. ඒත් දැන්නම් මේකට. ගීතයේ පද වලටත් වඩා මේ ගීතයේ ඔහුගේ කටහඬට.
ඉස්සල්ලම ඇහුවේ වාහනේ පදවන ගමන් ,දැනය අවුරුදු 5-6ට විතර ඉස්සර.

ගෙයිගෙම්බා සිංදු අහන්න පුරුදුවෙලා ටිකක් කල් ගියා. ඇබ්බැහිය කොච්චර දරුණුද කියනවනම් නිදනකාමරයේ තැටි ධාවන යන්ත්‍රයකුත් තියනවා.පාඩම් කරන්නෙත් සිංදුවක් ලාවට අහගන.ඔන්න ඔයකාලේ නිලාර් එම් කාසීම් මහත්මයාගේ ගී පද ඇතුලත් නිල්පාට කැසට් පටයක් හම්බුනා.මල් වැහි සේ , ඔබ මැවූ තරම්, සදුඳ අවදියෙන්, ඉරි තැලුන වලා, ජීවිතේට අරුණ උදාවීලා, විහඟ ගීතය, කුරවි කිරිල්ලී වගේ ගීත ගොඩයි. එහෙන් මෙහෙන් අහලා තිබුනාට අමරසිරි පීරිස් කියන ගායකයාගේ කටහඬට සිත ඇදිලා ගියේ ඒ කැසට් පටය ඇහුවට පස්සේ තමයි.ඉතින් ඒ කාලේ වෙළඳපොලේ තිබුන ඔහුගේ ගීත ඇල්බමයත් හොයාගත්තා. ඇහුවා. වැඩියෙන්ම හිතගියේ මේ ගීතයට. ලඟ හිටිය තැනත්තිය ලඟින් නැතිවුනහම තියන පාළුව, කාන්සිය ලස්සනට ඒ ගීතයේ අකුරුවෙලා. ඒ කැමත්ත කොච්චර දුර ගියාද කියනවනම් ඒ ගීතය මේ ගීත 16 ඇතුලටත් රිංගගන.
අපි උසස්පෙල කරන කාලේදී තරුණ තරුණියන් අතර පිස්සුවක්වුන චිත්‍රපටියක් තමයි සෙනේශ් දිසානායකයන් නිර්මාණය කරපු ආදරණීය වස්සානය. අනිත් එවුන් එක්ක ක්ලාස් කට් කරලා බලන්න ගියාට මොකද තාමත් ඉදලා හිටලා කරනවා වගේම හෝල් එකේ ලයිට් ඕෆ් කරපු ගමන් නින්ද ගියා. විවේකයේදී ඇහැරිලා අයිස් චොක් එකක් කාලා ආපහු නිදා ගත්තා. අනිත් එවුන් ඒ චිත්‍රපටය ගැන අදහස් කියද්දී මම උඩ බලාගන හිටිය හැටි තාම මතකයි.ඒ චිත්‍රපටය ගැන ඒ තරම් කතාබහක් ඇතිවුනේ නිර්මාණයට පාදකවුන උපුල් ශාන්තයන්ගේ පොත නිසාම වෙන්න ඇති. ඒ චිත්‍රපටයෙන් පස්සේ උපුල් ශාන්තයන් අතින් ඒ කතාව ලියද්දී ලියවුනු ගීත සමූහයක් ඇල්බමයක් ලෙස එලිදක්වනවා. ඉන්දිකා උපමාලි ගායනා කරන "සඳ පහන් රැයේ", මරියසෙල් ගුණතිලකයන් ගායනා කරන "කුමරානනේ", අතුල-සමිතා ගායනා කරන "සඳ එබෙන්නෙපා" වගේ ලස්සන ගීත ගොඩයි ඒකේ. ඒ අතරින් මගේ හිත වැඩියෙන්ම ඇදිලා ගියේ මොරිස් විජේසිංහයන් ගායනාකරන මේ ගීතයට. බටහිර ආරකට හුරු කටහඬක් තියන මොරිස් විජේසිංහයන් "දුහුවිල්ලෙන් වත්සුනු තවරා" හරහා විඳලා තිබුනත් ඒ කටහඬ මට හරියටම දැනුනේ මේ ගීතය හරහායි.
අවිවාදයෙන්ම ඔහු සිංහල සංගීතයේ ලෙජන්ඩ් එකක්. සරල සංගීතය, සරල පද රචනා එක්ක ඔහු ඇරඹුව විප්ලවයට කොච්චර චෝදනා ආවත් "මම කියන ඒවා සාමාන්‍ය මනුශ්‍යාට නොතේරෙනවනම් ඇති වැඩේ මොකද්දැ"යි අසමින් ඔහු සංගීතයට ආදරය කරන සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් දිගින් දිගටම නිර්මාණකරනයේ යෙදුනා. ක්ලැරාට ඉස්ස ඉස්සල්ලාම පිස්සු වැටුනේ "ක්ලැරන්ස් සිහිවටන -04" ඇහුවට පස්සේ. මතක විදිහට සාමාන්‍ය පෙල අවදියේ. එතනින් පස්සේ ක්ලැරාව හොය හොයා ඒ ගීත අහන මට්ටමකටම ගියා. ඒ පිස්සුවේ ප්‍රතිඵලය තමයි මේ ගීතය කැමතිම ගීත 16 ගොන්නට ඇතුලත්වීම.
සම්පාදක සටහන- ගීත 16 නම් මෙතනින් අවසන්විය යුතු බවත් එහෙත් මෙහි ඉහතින් සඳහන් 8 වන ගීතය රචකයා විසින් අංකයක් නොමැතිව එකතු කර තිබීම නිසා ලැයිස්තුව ගීත 17ක් ලෙස සංසෝධනය විය යුතු බව කරුණාවෙන් සළකන්න.
මේ දවස්වල ප්‍රියතම ගීතය.මොකක් නිසාද මන්දා. හිරු ගුවන්විදුලියේ ගිය නාට්‍යක තේමා ගීතයක්.කොහොමත් ඉස්සර ඉදන්ම ඔහුගේ කටහඬට ප්‍රියයි.වැඩිය කලබලයක් නැති ගැඹුරු සංයමය ඒ කටහඬ පුරාම පැතිරිලා. අයිතිකරගන්න ඕනේ උනත් අයිතිකරගන්න බැරිකම නිසාම හිතක උපදින වේදනාව මුළු ගීතය පුරාම. මේ ගීතය ප්‍රමුක තවත් ගීත 4ක් නිසා රසවත් සිද්දවීමකුත් උනා ලගඳී. දැන් රැකියාව කරන ආයතනයේ ලංකාවේ රියදුරුමහතුන් 3දෙනෙක් සහ වෙනත් රැකියාවල් කරන 4 දෙනෙක් ඉන්නවා. ඔවුන් නවාතැන් ගන්නේ ආයතනය කිට්ටුවම ඇති නවාතැනකයි. අවිවාහක පුද්ගලයන් හට ආයතනය තුල ඇති නවාතැන් පහසුකම් නොදීමේ මෝඩ තීරණය නිසා රැකියාව හමාර වී පැයකට වඩා මහපාරේ ඉන්නවෙනවා නවාතැනට යන්න. බොහෝ වෙලාවට මම රැකියාව නිමකරන වෙලාවට මාව නවාතැන්පොලට ගෙනයාම බාර වන්නේ ජයන්ත කියන ලාංකීය රියදුරාට. මේ දවස් වල නිතරම අහන ගීත 4ක් තියනවා.
01.ලියූ කවිපද 02.වෙඬරු හොරා 03. තොටුපල අයිනට - සමන් ලෙනින් (සමපාදක සටහන්- සචිනි නිසංසලා සමඟ). 04. මම මලක රොනට- සමන් ලෙනින්.
වාහනේට නැග්ග ගමන් මගේ දුරදිගුබනුව වාහනේට සම්බන්ධකරලා ඉස්සල්ලම ඔය ගීත හතර අහලා පස්සේ අනිත් ඒවා අහන එක තමයි හැමදාම කරන්නේ.ඇත්තම කිවුවොත් ජයන්තගේ රුචිකත්වය ගැන හිතන්නෙම නෑ. දවසක් ජයන්ත නැතුව වෙන රියදුරු මහත්මයෙක් පැමිනියා. ඔහුහෙන් ජයන්ත පිළිබඳ විමසූවිට ජයන්තට නවාතැනේ සිටි අයකු පහරදීම නිසා වැඩට එදින නිවාඩුදමා ඇතිබව පැවසූවා. සිද්දිය පිළිබඳ හාරා ඇවිස්සීමේදී
"නෑ මහත්තයා, ඊයේ නිවාඩු දවසේ අපි සෙට්වුනා.සිංදු කියනකොට මූට එපා කියන්න කියන්න මූ පැල්කවියක් වගේ සිංදුවක් කියනවා තොටුපලට එන්න එපා කිය කිය,අපි කවදාවත් අහලා නැති. බැරිම තැන වික්‍රම අයියා එකක් දුන්නා අත පුරවලා......"
මම අහක බලාගත්තා.තනියෙන් හිනාවෙන එක මූට පෙනුනොත් හරිනැති නිසා...
****************************************************************************

දැන් ඔයා ඕකේ අඩුපාඩු හදලා වචන, අකුරු දාලා පබ්ලිශ් කරපිය හොදේ (සම්පාදක සටහන්- &*^%$#@#$^&&*)

xxxxxxxxxxxx8@gmail.com xxxxxx561 xxxxxx561450 xxxxxx561 xxxxxx561450

Ooken ekak thamayi paswrd eka

(සමපාදක සටහන- ඊයේ රාත්‍රියේ ෆේස්බුක් මැසේජ් එකක් හරහා ලැබුණු මේ සටහන කල්‍යාණ මිත්‍ර වන මා විසින් අද උදේම අධික රාජකාරි මධ්‍යයේ පුළු පුළුවන් විදියට සම්පාදනය කොට මෙසේ පලකරන ලද බව ගෞරව බහුමානයෙන් යුතුව දන්වා සිටිමි)

Monday, July 11, 2016

සියල්ල අවසන ඈ...



අඩෝ බලපං උඹේ අක්කා 
කරන දේ මේ කාමරේ
පට්ට බඩුවක් වගේමයිනේ
එළම කිරි මේ ක්ලිප් එකේ 
ගමේ ආවොත් ශොට් එකක් 
මට ඉල්ලලා දීපන් පනේ 
කියූ නලියගේ දත් තුනක් 
බිම වැටී තිබුනා හංදියේ..

මතකයක් නැති අම්මා පෙරදින
පිටවගියේ සෙනෙහස සොයන් 
එදා සිට ලඟ අක්කේ නුඹමයි 
හිටියේ හොක්කේ මා හොවන් 
දර ඉපල් වෙනි නුඹේ අත මත 
මගේ දිවියම හිරකරන් 
ගෙවා දැමුවේ නුඹ ළමාවිය
මගේ කුස පුරවනු රිසින්.. 

මතකයක් තිබුනේම නෑ මට 
වේල් තුන ලිප තැබු දිනක් 
දරාගනු බැරි තැනදි කුසගිනි 
අඬගැසුව කම්හල් දොරක්
සිරුර ඇට මස් ලේ අමතකව 
මැෂිම හා සමවුන ලොවක් 
ඇතුලේ ගල්වී නොතිබුනාදෝ 
පණ ගැහෙන මුදු හදවතක්.. 

උඹේ හිතටත් දැනෙන්නැති පෙම් 
කුරුල්ලන් සැරි සැරු බිමේ 
ඒ කුරුල්ලෙක් ගී කියන්නැති 
කනට ලංවී නිදහසේ 
ඌත් සමගින් එකට පියඹා 
කැදලි තනනට හෙට දිනේ 
මවන්නැති උඹ සිහින මාළිග 
අයිති නැතිවුන උඹ ලොවේ..

උඹට වැඩියෙන් උඹ සිතුවමුත් 
ඔහු සතුට ගැන හදවතින් 
සළු උනන්නට ඔහු ඉදිරිපිට 
කෙරුවමුත් ආදරේ ගොඩක් 
හැඟීමක් නැති ගැහැණියක් ලෙස 
නොයිපඳුනු පෙර කරුමයෙන් 
අක්කේ උඹ අද පට්ට බඩුවකි 
ගමේ රට හැම දෙනට දැන් ..

උඹව රැවටූ කුරුල්ලා හෙට 
ගී කියයි සෙයිලමෙ ඉදන් 
ඌත් සමගින් පියාඹන්නට 
නොහැක උඹහට ලේ පෙරන් 
මගේ තටු සවි දිනක් එනතුරු 
අක්කේ ඩිංගක් ඉවසපන් 
නේක මල් මැද පිපුණු 
පරසතු කුසුම නුඹ මට ඉස්තරම්..

Wednesday, July 6, 2016

පිදුවේ ඒ ඔබගේ හසරැල්ලටමයි ………..





"මල්ලී...මොකද කරන්නේ අද හවසට...වැඩක්ද?"

"එහෙමට වැඩක් නෑ ගැමුණු අයියේ.... කවුරුහරි කතාකලොත් study room එකට යනවා....ඇයි...?"

"මාව පොඩ්ඩක් හම්බවෙන්න පුළුවන්ද 6 විතර....? "

"අවුලක් නෑ...පුළුවන්.... "

"මම එන්නම් එහෙනම් 6 උඹේ අකමඩේශන් එකට.... කොහේවත් නොයා ඉදපන්...."

                              
...........................................................................................................................................

"උඹ මාලබේ කොහේද බං..? තව බයිට් මොනවාහරි ගේමුද....?" 

"ඕනේ නෑ ගැමුණු ඇයියේ...මේ ඇති.... "

"මේ කොල්ලෝ හරි පවුබං.පැය 12ක් වැඩකරලා මහපාරටත් තව පැය 2ක් විතර දියකරලා ඇවිත් නිදියනවා....ආපහු නැගිටලා පහුවදාටත් ඒකම කරනවා.... උන්ට ටිකක්හරි සැනසීමක් තියෙන්නේ මේ තාප්පෙ අයිනටවෙලා බොනඑක විතරයි...ඒත් ඉතින් හැමදාම කරනකොට එකත් එපාවෙනවා.... "

නවාතැන්පොල වටකොට ඇති දැවැන්ත තාප්පයට පිටදීගන රන්වන්පැහැ දියරයට තමන්ගේ සිතේ මතුවන සියළු හැඟීම් දියකරහරින විවිද ජාතීන්ට අයත්වන 1000 පමන පිරිසදෙස බලමින් ඔහු පවසන්නට විය

"මම හෝටලේක වැඩකලත් ඔයා ඇඩ්වයිසර් කෙනෙක්වුනත් අපි දෙන්නගේ ජීවිතත් ඔයවගේමයි නේද...."

"ජොබ් එක මොකක් වුනත් අපි හැමෝම එකම බෝට්ටුවේ..... මේ ජීවිතේ හරි දුකක් බං...මට ඕනේ  දුක අමතකවෙන්නම බොන්න.... ඒත් ඒක කවදාවත්ම කරන්න බැරි වැඩක් කියලා මම තේරුම් අරන් ඉන්නේ..... දුකක්වෙලා තියෙන්නේ ජීවිතේද.... අතීතෙද...... අතීතය නිසාම දුකක්වුන ජීවිතේදුකක් නොවෙන්න තව කිසිම දෙයක් ඉතුරුනොවුන ජීවිතේ ,සතුටගැන තව කොහෙන් හොයන්නද බං....."

"මොකද උඹ හිනාවෙන්නේ..... ?"

"නෑ....මම පරාදයි...ඒකයි හිනාගියේ.... "

"පරාදවුනහම හිනාවියන්....ඒක තමයි හරිම විදිහ.... දාගනින්කෝ තව...කට දිහාම බලා ඉන්නේ නැතුව.....උඹ ටිකක් වෙනස් එකෙක් කියලා මට තේරුනේ උඹ මේ කොල්ලෝ ටික අල්ලගන උන්ව xam එකෙන් ගොඩදම්මන්න පටන්ගත්තු දවසේ ඉදන්මයි....මේකේ ඉන්නවා ගොඩක් ඉගනගත්තු ලංකාවේ උන්ඒත්  එකෙක්වත් ඔයවිදිහට අළුත් කොල්ලන්ට උදවුකලේ නෑ.ඒක උන්ගේ වැරද්දකුත් නෙමෙයි....පැයගානක් මැරිලා මැරිලා එන එවුන් එන්නේ ඇදට වැටෙන්නේ කොයිවෙලාවෙද බලාගනමේකේ ඇඩ්වයිසර් කෙනෙක්වෙලා ඉදගන මට බෑ උන්ට උදවුකරන්න.පුළුවන්වුනත් මම හිතන්නේ නෑ මම ඒක කරයි කියලා.... ඒත් පැය 12 හිටගන ඉන්න උඹ එතන්ට ඇවිත් උන්ට උගන්නනවා.අන්න  නිසාමයි මම උඹගැන ඇලර්ට් එකේ ඉදගන අද උඹ එක්ක සෙට්වුනේ...." 

"ඒක හිතන්න රම් දෙයක් නෙමෙයි ගැමුණු අයියේ....මට මේ ජීවිතේ ගොඩක් තැන් වැරදුනා.එහෙම වෙනකොට මගේ වටේ හිටපු ගොඩදෙනෙක් මාව අතෑරියා. වගේම තව හොදමිනිස්සු ගොඩදෙනෙක් මට හම්බුනා. එක මනුස්සයෙක් කියන කතාවක් මතක්කරගන තමයි මම උදේට ඇදෙන් බහින්නේ

"උඹට කරපු කිසිම දේකට මට කිසිම දෙයක් එපා ආපහු....මේ විදිහට උදවු ඕනේ කවුරුහරි දැක්කොත් උඹ ගිහින්  මනුස්සයාට උදවුකරපන්...." 

ඉතින් මෙහාට ඇවිත් මාසයක්වත් නැති මට  වෙනුවෙන් කරන්න තියෙන්නේ දැනට මේ දේ විතරයි... නිසා මම ඒක කරනවා... එච්චරයි.. අපිට මේ ජීවිතේ ජීවත්වෙන්න ආසාවක් ඇතිකරන්නෙත් මිනිස්සුමයි.... ජීවිතේ එපා කරවන්නෙත් මිනිස්සුමයි.... 

ගැමුණු අයියා බැඳලද.....?"

"නෑ බැං.... ඇයි....?


"මම කොයි විදිහටද උඹට උත්තර දෙන්න ඕනේ..... 


කැමති විදිහකට....


බෝතලෙත් ඉවර එකේ ඕනේ විදිහකට කියන්න....


වෙන වැඩකුත් නෑනේ..... 


අඩේ....තව එකක් ගේමු බං..... "


"මේ කතාව මේ විදිහට මම කිසිම එකෙකුට කියල නෑ මේ වෙනකම්.....


මම දන්නෙත් නෑ මම ඇයි අද මේක උඹට කියන්නේ කියලා.....


උඹට මේක බෝරිං වගේනම් කියපන්.මම කතාව නවත්තන්නම්......

මම ඉස්කෝලේ යනකාලේ ඉදලා මට කෙල්ලෙක් හිටියා. කාලෙදි ඉතින් කොල්ලෝ කෙල්ලෝ යාළුවුනාට මහලොකු බැදීමක් ඇතිනොවුනට පස්සේ පස්සේ අපි අතර ලොකු බැදීමක් ඇතිවුනාඅපේ අම්මලා හෙන ලොකුවට වංසේ කබල්ගාපු ඔරිජිනල් නුවර කට්ටියඅම්මලත් මේ සම්බන්දෙට කැමතිවුනාමට දැනුනෙත් ඒක මහාලොකු වාසනාවක් විදිහට.කෙල්ලගේ පවුල ටිකක් බරපතල පවුලක්.ළමයි 7දෙනෙක්.මේකි තමයි වැඩිමලා.මට වඩා අවුරුදු 5ක් බාලයි.මම A/L කරලා එයාර් ෆෝර්ස් එකට ගියාට්රෙනින් පීරියඩ් ඉවරවෙලා මම ජොබ් එකට යනකොට මේකිත් කැම්පස් සිලෙක්ට්වෙලා.
කරලා කියවනවා නෙමෙයි.... හැම දේකටමකැම්පස් යද්දී සිමා කරනකොට පවා  හැම දේකටම වියදම්කලේ මම.මොකද මට අපේ පවුලේ නඩත්තුවට කියලා සල්ලි දෙන්න ඕනේකමක් තිබුනේ නෑ.ඉතින් මම හම්බකරපු හැම දෙයක්ම මම වියදම්කලේ ඒකිට....... මොකද උඹ ආපහු හිනාවෙන්නේ.....? "

"නෑ.....මට හිතාගන්න පුළුවන් මොකද වුනේ කියලා....."

"හම්ම්.....මට අදත් තේරුම්ගන්න බැරි එකම දේ තමයි මනුස්සයෙක් කොහොමද එච්චර වෙනස්වෙන්නේ කියන එක."

"ඒකේ වැරද්ද අපේ ගැමුණු අයියේ.... හැමදේම වෙනස්වෙන ලෝකෙක එක මනුස්සයෙක් විතරක් වෙනස්වෙන එකක් නෑ කියලා හිතාගන හිටපු එක තමයි අපේ වැරද්ද....."

"අපේ..... කියන්නේ උඹත්.....මම හිතුවේ උඹ බැඳලා කියලා.....  කතා පස්සේ....දැන් උඹේ කතාව කියලා හිටපන්කෝ.ඒක තවම ඉවර නෑනේ.... ඉස්සල්ලා ඔය සිගරට් පැකට් එක දීපන්.... තෝ මගේ කර දිහා බලාගන සිගරට් බොනවා නෙමෙයි....කනවා...."

මාගෙන් උදුරාගත් පැකට්ටුවෙන් දුම්වැටියක් දල්වාගත් ඔහු නැවත හඬ අවදිකරන්නට විය.

"ඊට පස්සේ මම පිස්සෙක් වගේ උනා බං... ගියදා පටන් කොළඹ වැඩකරපු මම ඉල්ලලා මාරුවක්ගත්තා වවුනියාවටඅම්මව බලාගන්න අක්කලා හිටපුනිසා  වගකීම් වලිනුත් මම නිදහස්වෙලා හිටියේ....ඔයකාලේ වවුනියා සයිඩ් එකේ යුද්දෙත් හොදට ඇවිලෙනවා.අපේ කෑම්ප් සයිඩ් එකට එච්චර අවුලක් නැතිවුනත් , නොතිබුනාමත් නෙමෙයිහවස 6න් පස්සේ කවුරුත් කෑම්ප් එකෙන් එළියට බැස්සේ එහෙම නෑ.ජීවිතේට ආසාවක් නොතිබුන මට වෙලාව වැදගත්වුනේ නෑ.මට හිතුන වෙලාවට බයික් එක අරන් මම එළියට යනවා.මගේ කරුමෙට එහෙමවත් මගේ ජීවිතේ ඉවරයක් වුනේ නෑ.කොච්චර ඔළුව අප්සට්වුනත් වටපිට ගැන ඇලර්ට් එකේ තමයි යන්නේ. ඉතින් ට්රේනින් එකේ පුරුද්ද නිසා වෙන්න ඇති.අපේ කෑම්ප් එකේ ඉදන් ගෙවල් තුනකට විතර එහායින් තිබුනා තට්ටු දෙකේ ගෙයක්.ඔය ගෙදර උඩ තට්ටුවේ ඉදන් මම යන එන වෙලාවට හැමදාම කෙල්ලෙක් මගේදිහා බලන් ඉන්නවා කියලා මට තේරුනා....උඹ දන්නවා ඇතිනේ DT එකේ සද්දේ....මම කෑම්ප් එකෙන් එළියට එනකොට ඒකේ සද්දේ ඇහෙනවා කිලෝමීටරයක් විතරවටෙන් පිටෙන් හොයලා බලද්දී  ගෙදර හිටියේ අම්මයිදුවයි.තාත්තා එංගලන්තේ ඉංජිනියර් කෙනෙක්.

පොතේ හැටියට ඔය බලන්නේ  ගෙදර කෙල්ලම වෙන්න ඕනේ නිසා දවසක් මම ඔතන බයික් එක නවත්තලා පිස්ටල් එකත් අරගන ගියා ගෙදරට. කාලේ එහෙමනේ....සර්චින් වොරන්ට් ඕනේවුනේ නෑ අපිට ගෙයක් සර්ච් කරන්න. අම්මා බයවෙලා හිටියේඒත්  කෙල්ල පොඩ්ඩක්වත් බයවෙලා හිටියේ නෑ.ඒකි හිටියේ මාත් එක්ක හිනාවෙවී.මගේ හිතටත් දැන් මොකද්ද වෙනවා කියලා මට දැනෙනවා.ඒත් හිතටත් බයයි.මොකද එහෙම කතාවක් මම බලාපොරොත්තු නොවුන නිසා.අනික ටෙරාලගේ ට්රැප් එකක්ද දන්නෙත් නෑනේ....  කාලේ කෑම්ප් එක වටේ තියන ගෙවල් දවසකට පාරක් චෙක් කරනවාසමහර කාල වලදී දෙපාරක්.අපි ඒවට නොගියත් ඔය ගෙදරට යන්න තියන උවමනාව නිසා මමත් අපේ කොල්ලෝ එක්ක පෙට්රල් යනවා කෙල්ල එක්ක කතාකරනවාඅම්මා එක්ක කතාකරනවා....ඔහොම ඔහොම මම  පවුල එක්ක ගොඩක් සුහදවුනා.අන්තිමට ඉවසලා බැරිම තැන මම  කෙල්ලට ආදරෙයි කියලා කිවුවාඒකිත් හරියට මම අහනකම් බලාහිටියා වගේ කැමැත්තත් දුන්නාඔන්න දැන් ඉතින් ගැමුණු ආපහු ලවිකරන්න පටන්ගත්තා....."

"මොන හු$## බං ඔය කරන්නේ....මම විතරද මේක බොන්න ඕනේ....බීපන්කෝ සිගරට් කන්නේ නැතුව...."

"හරි හරි...මම බොන්නම්....කතාව කියනවකෝ.... අරක්කු වලට වඩා ඒක රහයි.... "

"ඒ අම්මනම් එහෙමට අකමැත්තක් පෙන්නුවේ නෑ  සම්බන්දෙටසමහරවිට අපේ යුනිෆොර්ම් එකට තිබ්බ බය නිසා වෙන්න ඇතිඅපේ අම්මලගේ හැටි දන්න නිසා මම ගෙදරට කියන්න ගියෙත් නෑඔහොම ඉන්නකොට කෑම්ප් එකෙනුත් එක එක ලෙඩ ආවා.ඒවාත් බැලන්ස් කරගන කතන්දරේ ඇදගනයන්න මට පුළුවන්වුනාදවසක් xam එකකට බ්රිටීෂ් කවුන්සිල් එන්න ඕනේ වෙලා කෙල්ල මා එක්ක කොළඹ ආවා. එන අතරමග දඹුල්ලෙදි ආමි එකෙන් බස් එක නතරකලාමම ඒකිට කියලා තිබ්බේ චෙක් කරද්දී මම අයියා කියලා කියන්න කියලා.මම ඉතුරුවා කරන්නම් කියලාඒත් ආමි එකෙන් ප්රශ්න අහද්දී කෙල්ල බයවුනා. නිසා දිගටම ප්රශ්න අහනකොට බොරුව මාට්ටුවුනා.දැන් දෙන්නව දෙපැත්තකට දාලා ප්රශ්න අහනවාඅන්තිමට මුන් කියපි උඹ පලයන්...අපි කෙල්ල ගැන ඉන්වෙස්ටිගේට් කරලා රිලීස් කරන්නම් කියලා.උන්ගේ වැඩ මම දන්නේ නැද්ද...මට  වෙලාවේ උන්ගේ තුවක්කුවක් උදුරලා උන්ටම වෙඩිතියන්න තරම් හිතුනත් ආපහු කල්පනාකරලා මගේ මහ එකාට ගත්තා. කරලා හතර වටේටම කෝල් දිදී කෙල්ලව රිලීස් කරගත්තා."

"උදේ 6 විතර ප්රශ්නකරපු අපි එතනින් රිලීස් වෙනකොට රෑ 3ත් පහුවෙලාඑදා තියන Exam එකට යන්න වෙලාවත් නෑ.ඒත් මම කෙල්ලවත් අරගන කොළඹ ඇවිත් BC එකට ආවා. Exam එක ආපහු තියෙන්නේ තව දවස් 4න්.ආපහු එදාට Examdate වෙනස්කරගන හොටෙල් රූම් එකක් අරගන නතරවුනා.ආපහු ගිහින් එන්න කාලයක් නැතිනිසා.දවස් 3 නිවාඩු දාලා ආපු මමත් මේකි නිසාම නතරවුනාකෙල්ලගේ අම්මටත් විස්තරේ කියලා අපේ අක්කගේ ගෙදර නතරකරනවා කියලා කිවුවා.මගේ ෆෝන් එක ඕෆ් කලා."

"මම දන්නවා දැන් තෝ හිනාවෙන්නේ ඇයි කියලා.......ඇත්ත.... තමයි මගේ ජීවිතේ ලස්සනම දවස්....හැබැයි  දවස් ලස්සන වුනේ කෙල්ලෙක්ගේ ඇගක් නිසා නෙමෙයිකෙල්ලෙක්ගේ ආදරය නිසා.ඔහොම ගිහින් දවස් 4න් පස්සේ අපි ආපහු ගියාකෑම්ප් එකට ගියහමනේ සෙල්ලම.....මට පනිශ් කරලා ඉවරවුනේ නෑ.කෙල්ලගේ ගෙදරිනුත් ප්‍රශ්නකරලා තිබුනා. අස්සේ අපේ ගෙදරිනුත් ප්රශ්නකලාඔන්න ඉතින් අපේ අම්මලා රෙදි කරට ගත්තාඔය පර දෙමළියන්ට අපේ ළමයි දෙනවද අහලාමාව රටවටේට ට්රාන්සර් කරවනවා.මහ කරුම කාලයක්.ඔය අතරවාරේ කෙල්ලගේ තාත්තත් ඇවිත් මේ කලබල නිසාම.එයා හදන්නේ  අයව uk අරන්‍ යන්න.මට හැමදෙයක්ම එපාවෙලා තිබුනේ බං.විශේෂයෙන් මම හින්දා  කෙල්ලට ආපු ප්රශ්න නිසාඅන්තිමේදී මමම කිවුවා එයාට තාත්තා එක්ක යන්න කියලාඅමාරුවෙන් හරි මම  තීරනය ගත්තා.ඒකි නිසා.හදිස්සියෙන් හරි  කෙල්ලව සැකයි කියලා ඇතුලට ගත්තනම් මම ඒකිගේ මුළු ජීවිතේම විනාශකරපු එකා වෙනවා.අපි හම්බවුන අන්තිම දවසෙදී අපි දෙන්නම බදාගන ඇඬුවා...."

"කවමදාවත් අඬපු නැති මමත් එයත් එක්ක ඇඬුවා.එදා  කෙල්ල කිවුවේ එකම එක දෙයයි.කොහොම හරි එහාට එන්න.මම එනකම් බලාගන ඉන්නවා කියන එකහැමදාම අපි කතාකලා.එතකොටත් ඒකා කියන්නෙම එහාට එන්න කියලා විතරයි.හැබැයි  පවුලෙන් මට කිසිම උදවුවක් ලැබුනේ නෑ ඒකට. වැඩිහිටියන්ටත් ඕනේ වෙන්න ඇති අපිව වෙන්කරන්න. කෙල්ලටත් කරන්න දෙයක් ඉතුරුවෙලා තිබුනේ නෑ.ඒකිත් එහාට ගිය අළුතමනේ."

"උඹ යන්න ට්රයි කලේම බැද්ද බං.....?"

 තිබ්බ ආදරේට මම කොහොමද එහෙම නොකර ඉන්නේ....මම 3පාරක් ගියා බංඒකෙන් එක පාරක් සිංගප්පූරුවෙන් මාට්ටුවෙලා ආපහු ආවාඅනිත් දෙපාරම මැලේසියාවෙදි අහුවුනා.ඔය වෙනකොට මම ජොබ් එකෙනුත් අයින්වෙලා. අස්සේ අපේ අම්මලා මට
මගුල් හොයනවාඔහොම ඉද්දී දවසක් බයික් එකේ යද්දී ඒක ඇක්සිඩන්ට් වුනා.මගේ මූන ගන්න දෙයක් නෑ.මේ පේනවද මූණ තාමත් ඇදයි....ආආ... දක්කද....දත් 9ක් කැඩිලා....මම මේවා හදන්නේ නෑ. ගෙදරින් ගේන මගුල්වලින් මට බේරෙන්න පුළුවන් නිසා....මේවගේ ඉන්නකොට මොන කෙල්ලද මට කැමතිවෙන්නේ....මම අම්මට ආදරෙයිහැබැයි කේන්තියකුත් හිතේ තියනවා. නිසාමයි මම එහෙම කරන්නේ...."

එතකොට කෙල්ල....?"

"ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම එයාට කතාකලේ නෑ බං.මම මගේ මොබයිල් නම්බර්ස් හිටන් වෙනස්කරගත්තා..... ඒකිගේ නම්බර් සේරම ඩිලීට් කලා.  FB,skype පාස්වර්ඩ් පවා වෙන එකෙක්ට කියලා වෙනස් කෙරෙවුවා,
කවදා හරි මට ආපහු හිතුනොත් ඒකිට කතාකරන්න ,එහෙමවත් අවස්තාවක් මට නොලබෙන්න.ඒකි අද කොහේහරි හොදින් ඇති.... "

"අයියේ....දෙයක් අහන්නම්.... ඇත්තම කියනවද....?" 

"අහපන්....." 

"උඹ ඔච්චර ආදරේ කරපු කෙල්ලගේ ෆෝන් නම්බර් එක උඹට මතක නෑ කියන්නේ ඇත්තටමද....?"

  වේදනාකාරී මුහුනේ මතු වූ සමච්චල්සහගත සිනහව දෙස බලමින්ම මම තවත් දුම්වැටියක් දල්වා ගත්තෙමි.
කටුස්සා....


.ලි.
ජීවිතයේ පළමුවරට රැකියාවක් සදහා විදෙස්ගත වූ මා හට ,මේ සුළුකාලය තුල හමුවූ සොඳුරුතමයා ඔහු වියහෝටල් ක්ශේස්ත්රයේ රැකියාවක් සදහා විදෙස්ගත වූ නමුදු තව මාස කිහිපයක් ඇතුලත වෙනත් ක්ශේස්ත්රයක රැකියාවක් සදහා ඇතුලත්වීමට බලාපොරොත්තුවෙන් සිටින මා හට , සදහා උදවුකරමින් උපදෙස් ලබාදෙමින් මගපෙන්වන්නේද ඔහුමයමේ කතාබහ ඇතිවූවේ ඔහුත් සමග සිදුකල පළමු කතාබහේදීය.මේ සටහන තුල වෙනස්වූවේ  කතාබහෙන් ප්රසිද්ධ මාධ්යක් තුල භාවිතාකල නොහැකි වචන සහ කිසිදු ආකාරයකින් මා හට මතක තබාගත නොහැකි "මිල්ටෙරි"යෙදුම් පමනිඔහු අදත් පවසන පරිදි මාව interview කිරීමට පැමින interview වීමට සිදුවූවේ ඔහුටය.සමහරවිට මේ කතාවේ ගතයුත්තක් නොතිබිය හැක.මිලියන ගනනක් වූ මිනිසුන් අතරින් තවත් එක් මනුස්සයකුගේ කතාවක් පමනක්ම වියහැකඑහෙත්  කතාව මා කම්පනය කරවීය. ඔහුගේ බාහිර චරිතය හා සැසදීමේදී මෙවැනි කතන්දරයක් ඔහුතුල සිරවී ඇතයි සිතීමට පවා අපහසු බැවිනිකොතනක හෝ මේ කතාව අකුරුවූවේ එමනිසාමය.
ෆෝන් එකෙන්අකුරු කෙටීම මහත් සේ පිළිකුල්කල මා මේ කතාව කොටන්නේ තැළුන සුලගිල්ලක් නිසා ලැබුන ලෙඩ නිවාඩු නිසාවෙනි.මෙසේ කොටන අකුරු හැඩ වැඩ කර ඉදිරිපත්කිරීමට මෙවර ඉදිරිපත්වූවේ හිතාදර "ඇනෝපිලිසයා" නැත්තන් මේක පබ්ලිශ් කිරීමට අවස්තාවක් නැත්තේ තවමත් පඩි නොලැබුන නිසා ලැට්-ටොප් එකක් මිලට ගැනීමට නොහැකිවූ නිසාවෙනිෆෝන් කට්ටෙන් එච්චර ලොකු සීන් දැමිය නොහැක.අවසන් පෝස්ටු දෙකම පබ්ලිශ්කලේ දෙමල නයන්න සහ හංචි කුචුම් නගාට පින්සිද්ද වන්නටය.ඉතින් මුන් තුන්දෙනාට පින්සිද්ද වේවායි පැවසීමටද මෙය අවස්තාවක් කරගනිමි.