Sunday, February 28, 2016

ආදරේ කවියක් වෙමී....-02


"මම උඹට කියලා තියනවද විග්නේශ්වරන් ගැන....?"

"
කවුද...?අර ඔයාගේ හිටපු බිස්නස් පාර්ට්නර්ද?"

"
ඔවු...ඒකා තමයි....ඒ කාලේ විගා වැඩකලේ හින්දු එකේ.මම ඔබ්සර්වර් එකේ.මේ මැගසින් එක පටන් ගන්න හිතේ ආසාව තිබුනට මට සල්ලි තිබුනේ නෑ.විගා තමයි සල්ලි දැම්මේ.උන් ඒ කාලේ ටිකක් දල කාරයෝ, යාපනේ පැත්තේ.අපි දෙන්නා සෑහෙන්න කට්ටක් කෑවා මේ මැග් එකට ටුවරිසම් ෆීල්ඩ් එකේ තැනක් ගන්න.ඒ කාලේ ලිවුවේ, එඩිට්කලේ, පෘෆ් බැළුවේ, ෆොටෝ ගත්තේ අපි දෙන්නමයි.රට වටේ ඇවිද්දා අපි ඒ කාලේ. මේක යන්තම් ගොඩදාගන එනකොට චන්ද්‍රිකා කාලේ ටුවරිසම් වැටුනහම අපි නන්නත්තාරවුනා.අමාරුවෙන් අල්ලන් හිටියා.ආපහු මහින්ද කාලේ විගාට ප්‍රශ්ණ එන්න ගත්තා දෙපැත්තෙන්ම."

"
දෙපැත්තෙන්ම කිවුවේ....?"

"
ආණ්ඩුවෙනුයි ටෙරාලගෙනුයි....විගාගේ මල්ලි කෙනෙක් හිටියා එහේ පොලිටික්ස් කරපු.ඒ නිසා තමයි ආණ්ඩුවෙන් ලෙඩේ ඇද්දේ.කප්පම් ඉල්ලලා ටෙරාලා ගේම ඉල්ලුවා.විගා ඒ ගැන ටිකක් කළකිරිලා හිටියේ.අනිත් එක විගාගේ පොඩි දුව පේරා කැම්පස් හිටියේ.කෙල්ලත් ටිකක් රැඩිකල් කැරක්ටර් එකක් ඒ කාලේ.ඔය කාලේ පේරා හිටපු ටැමිල් කොල්ලෝ තුන් හතර දෙනෙක් ටෙරරිසම් ඇක්ට් එකට ඇතුලට දැම්මා.උන් තාම ඇතුලෙද එළියෙද කියලවත් දන්නේ නෑ.විගා බයවුනා උගෙන් පළිගන්න කෙල්ලටත් එහෙම කරයි කියලා.කෙල්ලත් පොලිටික්ස් පැත්තෙන් ටිකක් ෆෝවර්ඩ්.බ්‍රිජට් ගියේ.ඉගනගත්තේ සිංහළෙන්.විගාගේ මල්ලී නිසා කෙල්ලත් ඒ මතවාදත් එක්ක හිටියා. ඒ නිසාම විගා කැනඩා ගියා පවුල පිටින්ම.ඌ යන්න කලින් ඉල්ලපු එකම දේ මේක දිගටම ඇදන් පලයන් ආපහු ආපු කාලෙක වැඩකරන්න ඌටත් මේසයක් දියන් කියලා විතරයි.දැනට අවුරුදු 3 ට විතර කලින් විගා එහෙදී මැරුනා."

ප්‍රධානියා ටිකකට කතාව නවත්වා කවුලුවෙන් ඈත බලාගන සිටියේය.

"
දැන් ඒ අයගේ පවුලේ කට්ටිය....?"

"
ලොකු දුවනම් බැඳලා එහේ.පොඩිදුවයි අම්මයි ගිය සතියේ ලංකාවට ආවා.මම හම්බවෙන්නත් ගියා"

"
දැන් මොකද්ද රුවන් අයියේ අවුල....?ඒ අය ශෙයාර්ස් ඉල්ලනවද....?"

"
අනේ නෑ බං...මම ඒක ගැන කතාකරන කොටත් ඒඅය කිවුවේ ඒ ගැන වචනයක්වත් කියන්න එපා කියලයි.....ඒත් උඹ දන්නවනේ....මමත් දැන් වයසයි.මගෙන් පස්සේ මේ මැග් එක නතරවෙනවට මම කැමති නෑ.මම විමලත් එක්කත් කතාකරලා තීරණය කලා මගෙන් පස්සේ අසෙනිටයි උඹටයි මේ මැග් එක බාරදෙන්න....."

"
අසෙනි කිවුවේ අර ගර්ල්ද....?ඒක සිංහළ නමක්නේ...?"

"
ඔවු....මමයි නම දැම්මේ"

"
මම දන්නේ නෑ රුවන් අයියේ මම මොකද්ද කියන්න ඕනේ කියලා.ඒත් තීරණ ගන්න හදිස්සි වෙන්න එපා.මේවගේ වගකීමක් බාරගන්න තරම් මම තාම හිත හදාගන නෑ.කොටින්ම කිවුවොත් මම ලංකාවේ ඉඳියිද නැද්ද කියලවත් මම තාම දන්නේ නෑ.අනික මම මේකට උඩින් පාත්විච්ච කෙනෙක්.මම මගේ උපරිමයන් වැඩ කරනවා තමයි.ඒත් ඔයගොල්ලේ දාඩිය මහන්සියෙන් ගොඩනගපු දෙයක් බාරගන්න තරම් කැපකිරීමක් මම මේකට කරලා නෑ.ඒ නිසා මාව මේකෙන් අයින්කරලා අර ගර්ල්ට මේක බාර දීපන්.මම පුළුවන් තරම්කල් මගේ වැඩටික කරගන යන්නම් මේ පොසිශ්න් එකේ ඉඳගන..."

"
විමලා මට කිවුවා උඹ ඔය විදිහට කියයි කියලා...තමන් ගැන අවතක්සේරු කරගන්න එක නතර කරපන්.උඹට හම්බුන හාල් කෑලි වලට උඹව වටින්නේ නැති උනාට උඹව වටින ගොඩක් එවුන් තාම ඉන්නවා.මගේ ලෙයින් හැදුන්නැති වුනාට මටයි විමලටයි උඹව අපේම ළමයෙක් ගානයි.ඒ නිසා උඹට මේක බාරගන්නම වෙනවා.අපි වයසට ගියහම අපිට කාත් කවුරුවත් නැතිවෙයි කියල හිතේ බයක් අපි දෙන්නටම තියනවා විහඟ...ඒ නිසා මේ දේ බාර අරන් අපිට බැරි කාලෙට පිහිටවියන්.ඒක මහ ආත්මාර්ථකාමී යෝජනාවක් වෙන්න ඇති.ඒත් ඒ දේ උඹෙන් ඉල්ලනවා අරෙන්න අපිට වෙන විකල්පයක් ඉතුරුවෙලා නෑ බං."

"
මම ඔයගොල්ලන්ව බලාගන්නේ මේ ලබ්බේ ශෙයාර් එක දුන්නහම විතරයි කියලද  ඔය දෙන්නා හිතාගන ඉන්නේ....?මතකතියාගනින් රුවන් අයියේ, මමත් මනුස්සයෙක්.මගේ ජීවිතේ එක කාලයක් තිබුනා මගේ වටේ හිටිය හැම එකෙක්ම මාව අතැරලා දාපු.ඒ වෙලාවේ මගේ අම්මයි තාත්තයි ඇරෙන්න මට හිටියේ උඹලා දෙන්නා විතරයි.ඔය හතරදෙනා විතරයි මාව විශ්වාසකලේ.ඒවා අමතක කරන්න තරම් බල්ලෙක් නෙමෙයි මම.ඔන්න ඔය මගුල ඕනේ එකෙක්ට දීලා වරෙන් යන්න අපේ ගෙදර දෙන්නම.ඔය හතරදෙනාව ජීවත් කරන්න පුළුවන් තරමට මම තාම හයියයි...."

හැඟිම්බර තරුණ කටහඬ ප්‍රධානියාට ඇතිකලේ කම්පණයක්.

"
ඕකනේ මගුල කියන්නේ මම හැමදාම.ඕනෑවට වඩා අවංකවෙන්න එපා බං.ඕක තමයි හැමදාම උඹට හෙනේට හිටියේ.හැම එකාම උඹට ඇරලා ගියේ ඔය නිසාමයි.අපි දෙන්නා ඒ තීරණේ ගත්තේ උඹට කප්පම්දීලා උඹෙන් සැලකුම් ගන්න නෙමෙයි.ඒක අපි අතින් වෙන්න තියන යුතුකමක්.අනික මේ මැගසින් එකට මම තාම ආදරෙයි.ඒක අකාලයේ විනාශවෙලා යන්න දෙන්න බෑ.ඒක දිගටම කරගනයන්න උඹට පුළුවන්.ඒකගැනත් හිතලයි මේ තීරණේ ගත්තේ...."

තරුණයාට නොදෙවනි දැඩි හඬකින් ප්‍රධානියාගේ කටහඬ ගිගුම්දුනි.මේසය මත වූ සිගරට් පැකට්ටුවෙන් සිගරට්ටුවක් දල්වාගත් තරුණයා ගතේ වෙව්ලීම පාලනය කරගනිමින් ප්‍රධානියා දෙස මදක් බලා සිටියේය.

"
හරි....උඹට මැරෙන්න තව කල් තියනවනේ.ඒක අපි එතකොට බලාගමු.හැබැයි ඒකෙන් කියන්නේ මම උඹේ අදහසට කැමතිවුනා කියලනම් නෙමෙයි හොඳේ.ඕක කාලෙට බාරදෙමු.එතකන් මට මේ හිටියාවගේ නිදහසේ වැඩටික කරගන යන්න දීපන්."

ප්‍රධානියාගේ මුවගට ඇතිවූවේ මද සිනහවකි.

"ඕනෑවට වඩා තදයි කියලා පෙන්නන්න යන්න එපා.එහෙම කරන හැම වෙලාවෙම උඹ පරදිනවා."

"අනේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව හිටපන්.කතාව ඉවරයිනේ....මම යන්නද...?අනිද්දට ප්‍රින්ට් එකට යවන්න තියනවනේ.වැඩ ගොඩගැහිලා ටිකක්."

"කවුද කතාව ඉවරයි කිවුවේ...මේ මගුල්වලට නෙමෙයි උඹට එන්න කිවුවේ.වෙන දේකට..."

තරුණයා නිහඬවම තම ප්‍රධානියා දෙස බලා සිටින්නට විය.

"අසෙනි තාම මේවට පුරුදු කෙනෙක් නෙමෙයි.ටික කලයක් යයි මේවා අල්ලගන්න.උඹට පුලුවන්ද ඒ කෙල්ලට වැඩ උගන්නන්න....?මම උඹේ කැබීන් එකට තව මේසෙකුයි පුටුවකුයි දාලා කෙල්ලට තැනක් ඇරේන්ජ් කරලා දෙන්නම්...මොකද උඹ හිනාවෙන්නේ....?"

"අවුලක් නෑ...අසෙනිට දැන් වයස කීයක් විතර ඇතිද...?"
"25-26ක් විතර ඇති.ඇයි....?"

"හොඳ වයස වැඩ ඉගනගන්නයි උගන්නන්නයි....ඇත්තටම රුවන් අයියේ උඹ මගේ ගැන හිතනවා වැඩියිද කියලත් හිතෙනවා මට වෙලාවකට...."

"නොදකින් මූසලයා....මම තොට ගෑණු හොයල දෙන්න නෙමෙයි මේ ඔෆිස් එක දැම්මේ.මට එහෙන් මෙහෙන් ආරංචියි උඹ අර බාර්බි ගර්ල් එක්ක නටන නාඩගම් මේක අස්සේ....ඇත්තට ඒ හුට්ටප්පරේ කොහොමද බං දැන්?මම මේ ලඟදී විමලටත් කිවුවා."

"හුටා...විමලා ඇන්ටිත් දන්නවද ඒක....?එහෙනම් ෂුවර් එයා ඒක අපේ අම්මගේ කනෙත් තියලා ඇති..."

"හහ්..හහ්...මම හිතන්නේ නෑ...විමලා අහපුගමන් කිවුවේ විහඟ හංසිට කැමති වෙන්නේ නෑ කියලා.ඒ උඹේ චොයිස් එක නෙමෙයිලු...."

"අන්න දැක්කද...ඒ මනුස්සයා දන්නවා මම කොච්චර හැදිච්ච දරුවෙක්ද කියලා...ඒකට උඹ...එක එක මර දූතිකාවෝ එවනවා මගේ ලඟට වැඩ ඉගනගන්න කියලා.මම ඉතින් ධර්මය දන්න මනුස්සයා නිසා දන්තා,ලෝමා, කේශා කිය කියා උන්ගෙන් ගැලවිලා ඉන්නවා හිත දමනය කරගන"

"අනේ උඹේ දමනය කිරිල්ල....කොහොම උනත් අසෙනිගෙන් උඹට කරදරයක් නෑ...ඒ දරුව කසාදබැඳලා ළමයෙකුත් ඉන්න අම්මා කෙනෙක්..."

"නොදකින් විතරක්...උඹ කවද්ද අපිට ඇපල් දුන්නේ වැල ගෙඩි මිසක්.....මම යනවා...අරෙහේ වැඩ හිරවෙලා ඇති මම නැතුව...."

"දවල්ට වරෙන් ගෙවල් පැත්තේ ලන්ච් ගන්න..."

"අද බැරිවෙයි අයියේ...ප්‍රෙස් එකට යන්න ඕනේ 1ට විතර.ගියහම කීයට එන්න වෙයිද දන්නේ නෑ.විමලා ඇන්ටිට කියන්න වෙන දවසක එන්නම් කියලා"යි පවසමින්ම ඔහු ප්‍රධානියාගේ කුටියෙන් නික්මුනි.



තම අසුනේ හිඳගත් විහඟ කාර්යයාල අභ්‍යන්තර දුරකතනයෙන් ඇමතුමක් ලබාගත්තේය.
"හංසි...ලන්ච් ගෙනාවද...?"

"ඔවු අයියේ..ඇයි?"

"කමක් නෑ..මම 12.30ට විතර ප්‍රෙස් එකට යනවා.කෑම එක කාටහරි දීලා එන්න මාත් එක්ක යන්න.මගදී ලන්ච් ගමු දෙන්නම..."

"ඇයි ඒ එක පාරටම...?මම ගෙනාපු කිරි ටොෆි වලට හිලවුවටද...?එහෙනම් ඒ ලන්ච් එක නැතුවට කමක් නෑ..."

"මේ...මගේන් කුණුහරුප අහගන්නේ නැතුව මාත් එක්ක යනවනම් 12.30 වෙනකොට මගේ කැබීන් එකට එනවා..."
මුවට නැගෙනා දහසක් වදන් සිත තුලම සිරකරගත් තරුණයා මහා හඬින් දුරකතන රිසිවරය, දුරකතනය මත තැබුවේය.

"
ඔයා අනිද්දට කොළඹ එන්න.මම අරක කරගත්තා...ඔයාට IS කරන්න පුළුවන්....."

"
ඒ කොහොමද...?ඒ අය කිවුවේ IS කරන්න බෑ.ඕනෙනම් BIT කරන්න පුළුවන්.ඒත් exam වලට ඉස්සල්ලා A/L වැඩ 3ම පාස් වෙන්න ඕනේ කියලනේ...."

"
පණ්ඩිතයා වෙන්නේ නැතුව අනිද්දට එන්නකෝ....IS සෙක්ශන් හෙඩ් සඳුන් අයියගේ යාලුවෙක්.එයා කතාකරලා ඒ ගැන.A/L වැඩ 3 exam එකට ඉස්සල්ලා කරලා දෙන පොරොන්දුව පිට ඔයාට කරන්න දෙන්නම් කිවුවලු.අපිට ඒක exam වලට ඉස්සල්ලා කරගන්න පුළුවන්...."

"
ෂුවර්....?"

"
මම ඔයාට බොරු කියලා තියනවද....?අනිද්දට එනවා මෝඩ පැටියෝ....ඒ වැඩේ හරි..."

"
ඔයාට පිං අයියේ...."

"
ඔය පින තියලා වාඩිවෙලා මෙහෙම මෙහෙම කරන්න"

"
මෙහෙම මෙහෙම කිවුවේ කොහොමද....?"

"
වාඩිවෙලා පස්සෙන් තලන්න මෙහෙම...."

"
කෝ...පේන්නේ නෑනේ...මම ආවහම මට පෙන්නන්න හොඳේ මෙහෙම මෙහෙම කරන හැටි...."

"
වරෙන්කෝ මම පෙන්නන්න....මෙහෙම මෙහෙම කරන හැටි විතරක් නෙමෙයි....අරෙහෙම මෙහෙම කරන හැටිත් මම පෙන්නන්නම් එදාට...."

"
අම්මෝ...බයෙත් බෑ....මට මොනවා කරයිද දන්නේ නෑ...."

"
ඇයි බයද....?"

"
පොඩ්ඩක්වත් නෑ...."

"
ඇයි....?"

"
ඔයාගැන මම දන්න නිසා...මගේ තාත්තා වගේම මට ඔයාව විශ්වාසයි...."

"
මගේ ගැන එච්චර විශ්වාස කරන්න එපා....මම හොඳ මිනිහෙක් නෙමෙයි...."

"
ඒකට කමක් නෑ...ඔය තියන ගතිගුණ වලට කියන්නේ නරකයි කියලනම් මම ඒ නරකට කැමතියි...."

"
මම දැක්කමයි නරකට කැමති කෙල්ලෙක්ව...."

"
නරකයෙක් එක්ක ඉන්නකොට නරකට කැමතිනොවී බෑනේ....මේ අයියේ...ඔහේ ආවහම බෝඩිමක්...?"

"
ඉස්සල්ලා ඔයා එන්නකෝ....බෝඩිම ගැන මම බලාගන්නම්...මොකද කියන්නේ, අපේ ගෙදර නවතිමුද....?හැබැයි ඉන්න වෙන්නේ මගේ කාමරේ...."

"
අච්චර හිස් කාමර තියාගන ඔයාගේ කාමරේ ඉන්නේ මොකටද....?"
"ඒ කාමරවල භූතයෝ ඉන්නවා....මගේ කාමරේ විතරයි නැත්තේ."
"ආපෝ...ඔය කාමරේ ඉන්න මල යකා එක්ක ඉන්නවට වඩා හොඳයි භූතයෝ එක්ක ඒ කාමරේ ඉන්නවා... විහිළු නෙමෙයි අයියේ...ගොඩක් ගාන වැඩි තැනක්නම් එපා....ගාන අඩුතැනක් බලලා කියනවද මට..."

"
දැන් කවුද සල්ලි ගැන කතාකලේ....ඉස්සල්ලා ඔයා එන්න.ආවට පස්සේ ඔය දේවල් බලාගමු.කොහොමටත් එදාම යන්න බලාගන එන්න එපා.රෙජිස්ට්‍රේශන් එක කරලා බෝඩිමකුත් බලලා ක්ලාසුත් හොයාගමු.ඕක කරන ගමන් A/L වලට නුගේගොඩ රවුංගහන්න බෑ ඔයාට.මේ අවටින් ගෲප් ක්ලාස් හොයාගමු."

"
ඒත් අයියේ ඔයා පවුනේ..."

"
ඔයා මගේ වෙන්න ගෑනි.ඒ ගෑනි ගැන මම බලන්නේ නැතුව අල්ලපු ගෙදර එකාද බලන්නේ...?කට වහගන අනිද්දට එන්න..."

"
ඒත් මම ගෙදරට මොනවද කියන්නේ බෝඩිම් ෆීස් ගැනයි...ක්ලාස් ෆීස් ගැනයි...?"

"
ඒකට මොනවාහරි කරමු...ඔයා එන්නකෝ ඉස්සල්ලා....ඉතුරු ටික ආවට පස්සේ බලාගමු...."

"
මොනවද කන්නේ..."

"
බුරියානි...මොකද බුරියානි කිවුවහම හිනා වෙන්නේ....?"

"
නෑ..බුරියානි කිවුවහම මට මතක්වෙන්නේ ඔයාගේ බුරිය..."

"
මගේ බුරිය....?ඒ කවද්ද ඒක දැක්කේ...?"

"
කවුද ඕක නොදැක තියෙන්නේ....සාරිය ඇඳන් එන්නේ ඕක පෙන්නන්නනේ....?"

"
අපොයි ඔවු...මම සාරිය ඇඳන් එන්නේ බුරිය පෙන්නන්න තමයි....මේකේ ඉන්න තරමක් ඉන්නේ අසහනකාරයෝනේ....උන්ට ආතල් එකක් දෙන්න හිතාගන තමයි මම සාරිය ඇඳන් එන්නේ.....මේ පේන්නේ නැද්ද එක්කෙනෙක්.....ඉන්නේ මාව පේන්න බෑ වගේ.ලඟට ආවොත් මාව පන්නනවා ,බෙල්ල මිරිකයි කියලා බයවෙලා වගේ...ඒ වුනාට ස්කෑන් මැෂින් එකක් වගේ මගේ ඇඟේ හැම අඟලක්ම සර්ච් කරනවා...."ඇය කෝපයෙන් පැවසුවාය.

"
මම ඉතින් ලස්සන දේවල් බලනවා...තහනමක් නෑනේ...?"

"
ආපෝ නෑ...දැන් මොකද්ද ලස්සන...බුරියද...?"

"
ඊයා...ඒක නිකන් වේලිච්ච කොස් මදුලක් වගේ..."

"
ඇත්තද...?වේලිච්ච කොස් මදුළු දිහා බලලා හොඳට පුරුදුයි නේද....?"

"
හම්ම්...ඇයි අවුල්ද....?"

"
ආපෝ කිසි අවුලක් නෑ..."

"
මේ අහනවකෝ.....මම ආවේ ඔයාගේ බුරියගැන කතාකරන්න නෙමෙයි....වෙන දෙයක් කතාකරන්න...."

"
කියන්න...මම අහගන ඉන්නේ..."

"
ඇයි තාම ඔය අදහස හිතින් අතෑරියේ නැත්තේ...?"

"
මොන අදහසද...?"

"
බබා වෙන්න එපා....ඔයා දන්නවා මම මොකක් ගැනද කියන්නේ කියලා..."

"
මට ඕනේ නිසා..."

"
හංසි,දරුවෝ....මම ඔයාට කැමතියි.ඔයාගේ ඔය විවෘතභාවයට,අවංකකමට, හිතවත්කමට මම කැමතියි.කොටින්ම කියනවානම් ඔයාගේ රූපයටත් මම කැමතියි.හැබැයි ඔයාව මගේ වයිෆ් කරගන්න මම කැමති නෑ.මට ඔයා හොඳ යාළුවෙක්,සහෝදරියෙක් විතරමයි.එතනින් එහාට ඔයාගැන කිසිම හැඟීමක් මට නෑ.ඉතින් ඒක තේරුම්ගන්න හොඳ දරුවා වගේ...."

"
ඉතින් දැන් මට මොකද්ද කියන්නේ...?"

"
මගේ ගැන බලාපොරොත්තු තියාගන්න එපා...ඒක කවදාවත්ම ඉෂ්ඨවෙන දෙයක් නෙමෙයි..."

"
මිස්ටර් විහඟ කරුණාතිලක....මේක අහගන්න.මේ ලෝකේ ඕනෙම කෙනෙක්ට තව කෙනෙක්ට ආදරේ කරන්නත් පුලුවන්.තව කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්නත් පුලුවන්.ඒකට කාගෙන්වත් අවසරයක් ඕනේ නෑ.අර ඔයා කියපු හේතුවලට තව හේතුත් එකතුකරලා මම ඔයාට ආදරෙයි.ඔයාව මගේ හස්බන්ඩ් විදිහට, BF විදිහට පිළිගන්න මම කැමතියි.ඔයත් එක්ක ජීවිතය බෙදාගන්න මම කැමතියි.ඒත් ඔයා ඒකට කැමති නෑ.ඒ වුනාට මම ඔයාට ආදරේ කරනවා.ඔයා මාව ප්‍රතික්ෂේප කරනවා වගේම ඔයාට ආදරේ කරන්න මටත් පුළුවන්.ඒක ඔයාගේ අයිතිය වගේම මේක මගේ අයිතිය.ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව ඉන්න."

"
ඒ වුනාට ඒක මගේ හිතට බරක්"

"
අතාරින්න...අර ඔයා හැම තිස්සෙම කියනවා වගේ බදාගන හිටියහමනේ හැම දුකක්ම.යන්න දෙන්න.ඔයාගේ හිත සැහැල්ලුවෙයි...."
විනෝදකාමිනියක් ලෙස මෙතෙක් කල් සිතාසිටි තරුණියගේ මුවින් පිටවන වදන් අභිමුව අසරණවගිය තරුණයා ඇයගේ දෑස් දෙසම බලා සිටින්නට විය.ඒ අතරතුර ඔවුන් ඇණවුම්කල ආහාරද පිළිගැන්විනි.

"
මගේ අත කැපිලා..."

"
හැන්දක් ඉල්ලගන්න...."

"
හැන්ද අල්ලන්නත් බෑ...හොඳටම කැපිලා...."

කිසිවක් නොකී තරුණිය මෙතෙක් හිඳසිටි ඉදිරිපස අසුනින් නැගිට තරුණයාගේ  දකුණුපසින් අසුන්ගන ඔහුගේ පිඟානේ වූ ආහාර අනන්නට විය.

"
අතද හිතද කැපිලා තියෙන්නේ....?"

"
ජීවිතය...."


                                                   
-මතු සම්බන්ධයි-





කටුස්සා....


Thursday, February 25, 2016

සුරතාන්තය ප්‍රමාදයි......


සදාචාරය සහ ගරුත්වය....ලෝකෙන්ම උතුම් රටයි කියලා කියන මේ අමුතු ඇටේ ඇතුලේ ඉන්න බහුතරයක් හුදී ජන මන අමුතුම ආතල් එකකට අරගන යන වචන දෙකක්.තව කෙනෙක් එක්ක කතා කරනකොට, තර්ක කරනකොට මේක ඇතුලේ ජීවත්වෙන ඈයෝ තරම් සදාචාරසම්පන්න පිරිසක් මේ ලෝකේ කිසිම රටක නැතුව ඇති.කොටින්ම කියනවානම් රෙද්දේ තුත්තිරි ගෑවුන උපාසක අම්මෙක්, සරමේ කහඹිලියා ගෑවිච්ච උපාසක මහත්මයෙක් මේ රටෙන් බෙහෙතකටවත් හොයාගන්න බෑ.මේ රටේ ජීවත්වෙන්නේ රහසින්වත් පවු නොකරන අමුතුම ජාතියේ මිනිස්සු කොට්ඨාශයක්.මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ ප්‍රශ්න 2යි.
01. දේශපාලනය.
02. ආගම.

ඔය ප්‍රශ්න 02 ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් මොවුන්ට නෑ.තමන්ගේ මිනිහා, ගෑණි වෙන එකෙක් එක්ක යනඑක, ගන්න පඩියෙන් ජීවත්වෙන්න බැරුව යනඑක ,බැංකුවෙන් ගත්ත ණය වාරිකය ගෙවාගන්න බැරුව යනඑක  වගේ දේවල් මොවුන්ට ප්‍රශ්න නෙමෙයි.මේකේ ජීවත්වෙන මිනිස්සු ඔයවගේ ප්‍රශ්න  යටිපතුලෙන් උඩට ගන්නේ නෑ.ඒ වුනාට මහින්ද මහත්තයා අළුත් පක්ශයක් හදයිද?, නාමල්ව FCID එකෙන් අරගන යයිද?, රනිල් දෙරණේ බලපත්‍රය තහනම් කරයිද?, ගූගල් බැලූන් එක ගොඩ බෑවද?කඩාගන වැටුනද?, ඉරාජ්ගේ සිංදුවෙන් මුස්ලිම් ජාතිකයන්ට අපහාසයක් සිදුවෙයිද?, උඩුවේ හාමුදුරුවෝ අහිංසකයි නේද? වගේ ප්‍රශ්න ගැන රාජකාරියට පිටත්වෙන බස් රථයේ ඉඳලා හවසට ගෙදර එනකොට හාල්මැස්සෝ 100ක් ගන්න යන කඩේට වෙනම් සාකච්ඡා කරන්න, තර්ක කරන්න කරුණු, කාලය ඕන තරම් මේ ඔළුගෙඩිවල පිරිලා.කොටින්ම කියනවානම් ඊයේ රෑට කෑවේ මොනවද කියලා මතක නැති එකාට බැසිල්ගේ ඊළඟ නඩු දිනේ මතකයි.ඉතින් ඔයවගේ ජීවිතේකට හුරුවෙලා ඇස් ඇරගන ස්වයං වින්දනයේ යෙදෙන මේ පිරිසට මෙච්චරකල් ආතල් දුන්නේ දේශපාළුවොයි ආගමික නායකයොයි විතරයි.ඒත් මෑතක ඉඳන් මාධ්‍යවේදීයෝ කියලා කියාගන්න පිරිසකුත් මේ ජහමනයාට ආතල් දෙන්න පටන් අරගන.හැබැයි ඒ කාටවත් ඇඟට පතට නොතේරෙන විදිහට.

ආගම සහ දේශපාලනය එකිනෙකාට සමාන්තරද?ඔය ප්‍රශ්නෙට මට වඩා බොහෝ දැණුම් තේරුම් ඇත්තෝ කෙස් පැලෙන උත්තර දීලා තියනවා ඉස්සර ඉඳන්ම.බෞද්ධාගමික පැත්තෙන්නම් මහාචාර්යය ගුණපාල මලලසේකර, ධර්මසිරි රත්නසූරිය, යක්කඩුවේ ප්‍රඥ්ඥාරාම හිමි වෙනි වියතුන් මේ ගැන ඔවුන්ගේ අදහස් බරසාර විදිහට ඉදිරිපත් කලා 1900 බර ගණන් වල ඉඳලම.ඒ  වගේම තමයි අපි අදහනවායි කියන බුදු ධහමේ නිර්මාතෲන්  වන ගෞතම බුදුන් වහන්සේත් "භික්ශුව කිසි විටකත් රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවිය යුතුය" කියලා වදාරලා තිබුනා.ඔය මොනවා වුනත් කවුරු කැමති අකමැති වුනත් මේ වෙනකොට ලාංකීය දේශපාලනය තුලට භික්ශූ මැදිහත්වීම සිදුවෙලා ඉවරයි.ඒත් එතන මොකද්දෝ විශාල අවුලක් වෙලා තියනවා බැලු බැල්මටම.ඒ දේශපාලනය කරන භික්ශූන් දේශපාලනයට සිවුර පොරවන්න ගන්න උත්සහයයි.නිදහසින් පසු ලාංකීය දේශපාලනය තුල ආගම කියන සංකල්පයට රටේම ලොකු ඉඩක් තිබුනත් සුළු ජාතික ඡන්ද පදනම ගැන සලකාබැළු දකුනේ බහුතරයක් දේශපාලකයෝ ආගම කියනදේ මහාලොකුවට උලුප්පන්න ගියේ නෑ.උතුරේදී ඒ තත්වය වෙනස්වුනත් පසුකාලීනව ඒ වෙනස්වීමේ වන්දිය මුළු රටටම එකතුවෙලා ගෙවන්න සිද්දවුනා.

ඔන්න ඔයවගේ තත්වයක් තිබියදී ""හෙළ උරුමය" වෙනි කණ්ඩායම් වලට නිර්මාණය විය හැකි හිඩැසක් රටතුල ඇතිවෙනවා.ඒ හිඩැස නිර්මාණය කරන්නේත් මේ රටේ දේශපාලකයන්මයි."මේක සිංහළ බෞද්ධ රටක්" කියලා කියාගන්න බැරි තරමට දේශපාලකයෝ නිවට වෙනවා.ලැජ්ජා වෙනවා.ඇඟ ඇතුලේ හැංගිලා තිබුන සිංහළ බෞද්ධ ගොන්කම සිරිල් මැතිවුලා වෙනි දේශපාලකයන්ගෙන් එළියට මතුවෙනවා.ලංකාව ලෝකයක් ඇතුලේ හුදකලා වෙනවා.කුල පීඩනය නිසාම  ඇරඹුන පිරභාරන්ගේ විප්ලවය පල්ලියේ මැදිහත්වීමෙන් වෙනම රාජ්‍යක්  දක්වාම පුළුල් වෙනවා.මුතු ඇටය කඳුළු බිංදුවක් බවට පත්වෙනවා.රටේ පාලකයන්ගේ තීරණගැනීමේ නිදහස කලාපයේ සහ ලෝකයේ බලවත් රටවල් අතට පත්වෙනවා.අන්න එතනදී පාලකයෝ අතට ගන්න බයවුන සිංහළ බෞද්ධ කොඩිය හෙළ උරුමය, සිංහළ වීර විදහන වගේ සංවිධාන ඔවුන් අතට ගන්නවා.ඔවුන් ජන සමාජයේ මහත් වූ පිළිගැනීමක් තිබුන සිවුර ඒ සඳහා උපයෝගී කරගන්නවා.පාලකයෝ සමග තිබූ ඇරියස් එක නිසාම සියළු සත්වයෝ නිදුක් වෙත්වා කියන සිල්පදය අමතක කරලා භික්ශූ සමාජය එම සංවිධානත් සමග එකතුවෙනවා.ජාතිය සහ ආගම පිළිබඳව පමනක් දැක්මක් තිබූ එම සංවිධාන වලට ආර්ථික හා සමාජීය දැක්මක් නොතිබුන නිසාම ඉතිහාසයට එකතුවෙන්න සිද්ද වෙනවා.ඒවා දැකලා චූංවෙන පාලකයෝ සතුටුවෙනවා.හැබැයි ඔවුන් එක දෙයක් අමතක කරනවා.ඒ; මිනිස්සු මේ සංවිධාන වලින් ඉවත්වුනේ රට ජාතිය පිළිබඳව හැඟීමක් නොතිබුන නිසා නොව රටට වඩා බඩගින්න ලොකුවූ නිසා බව.එම සංවිධානත් සම්පූර්ණයෙන් වඳවී නොයා සමාජයේ යම් යම් කොට්ඨාශ අතර ස්ථානගත වෙනවා.ඔය කාලය ඇතුලතදී "ත්‍රස්තවාදය" ලාංකීය දේශපාලනයේ බයිට් එක වෙනවා.ජනමාධ්‍ය, කලාව, සංස්කෘතිය, රැකියාව ආදී සෑම අංශයක්ම යුද්දය නිසා දිවි රැකගන්නවා.කාලයකදී යුද්දය නිමා වෙනවා.යුද්ධය නිසා පෝශනයවුන සමාජය නන්නත්තාර වෙනවා.රටේ සැබෑ ප්‍රශ්න අමතක කරවන්න පාලකයන්ට වෙනත් විසඳුම් කරා පියනගන්න සිද්දවෙනවා.මිනිස්සුන්ව ගස් බඳින ඇමතිලා, ක්ලබ් ගිහින් මරාගන්න ඇමති පුත්තු, නයිට් රේස් කරළියට එනවා.ඒවත් මිනිස්සුන්ට ටික කාලෙකින් එපා වෙනවා.අන්න එතකොට අමතකවෙලා තිබුන සිංහළ බෞද්ධකම පාලකයන්ට මතක්වෙනවා.යුද්ධයෙන් බැටකාපු දමිල වැසියන් ආපහු කට ඇරගන්න බැරි තරමටම වැටිලා.පාලකයෝ විකල්පයකට යනවා.මෙච්චරකල් රටේ ජීවත්වුන මුස්ලිම් ජනතාව හම්බයෝ විදිහට නම වෙනස්කරලා සමාජගත කරනවා.ඉස්සර තමන්ගේ ජංගම දුරකතනයට නිවුස් ඇලර්ට් එකක් ආපු ගමන් කොහේද බෝම්බයක් පුපුරලා තියෙන්නේ?...කී දෙනෙක් මැරිලද....? කියලා බලන් ඉඳපු, දැන් නිවුස් ඇලර්ට් නැති නිසාම කම්මලිකමෙන් ඉන්න මිනිස්සුන්ගේ කකුල්දෙක මුලට හලාල් කියන වචනේ අතාරිනවා.බණකට, පිරිතකට ඕන වුනහම විතරක් මතක්වෙන නිසා ශාසනේ එපාවෙලා ඉන්න භික්ශුවව රට ජාතිය කියන අතුරුපස පෙන්නලා වීරයෝ කරවනවා.ගෙයින් එළියට බැස්සොත් හලාල් ගැන කතාකරන 10ක් විතර මුනගස්සවන තත්වයට සමාජය පත්කරවනවා.සෑහෙන්න කාලයක් හලාල් පිහිටෙන් රටේ ප්‍රශ්න අමතක කරවනවා.කොහොම හරි හලාල් තහනම් කරනවා.ඒත් හලාල් තහනම නිසා මිල අඩුවිච්ච එකම නිශ්පාදනයක්වත් හම්බුනේ නැති පාරිභෝගිකයා හලාල් තහනම් වුන නිසා තෘප්තියට පත්වෙනවා.අපි තමයි මේක කලේ කියලා නානසාරලා,විමලජෝතිලා උදම් අනනවා.ඔවුන්ට සමාජයෙන් ලැබෙන තැන ගැන ඊර්ෂ්‍යාවෙන් පෙලෙන සද්ධාතිස්සලා තව තව සංවිධාන අරඹනවා.බට කැලේ එක තැනකට ගිනි තියපු පාලකයෝ කැලේම ඇවිලෙනහැටි දැකලා හිනාවෙවී බලාගන ඉන්නවා.ඔය අස්සේ තමන් මේ රටේ සුළු ජනකොටසක් බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රටක සුළු ජන කොටස් සඳහා ලබාදියයුතු බවට නීර්ණයකොට ඇති අයිතීන් වලට වඩා වැඩි අයිතීන් ප්‍රමානයක් තමන් දැනටමත් භුක්තිවිඳින බවටත් අමතකවුන පිස්සු හුටං තම්බි රැලක් සිංහළ අමනයන්ට බයිට් සපයනවා.

ඔය ආතල් අස්සේ ස්වයන් විංදනයේ යෙදිච්ච ජහමන බහුතරයක් සුරතාන්තයට පත්වෙලා ඇස් අරිනවා.පාලකයෝ මාරුවෙනවා.ජහමනයාව ආපහු ස්වයං වින්දනයේ යොදවන්න නිමිත්තක් හොයන අළුත් පාලකයන් හොරු ඇල්ලීම්, මාධ්‍ය නිදහස, ප්‍රජාත්‍රන්තවාදය වගේ පොශ් නිමිති ඔවුන් ඉස්සරහා අතෑරියත් ,වැඩේට සෙට්වුන ගමන් සරම කඩලා, රෙද්ද කඩලා යහන්ගත වෙන්න පුරුදුවෙලා හිටිය බහුතරයකට ඒවා එච්චර නොදිරවන ගතියක් දැනෙනවා.පාලකයෝ අසරණවෙලා උඩබිම බලද්දී පරණ සෙට් එක උදවුවට එනවා.පන්සලක් පන්සලක් ගානේ ගිහින් බෝධිපූජා තියලා, පොල් ගහලා, පාර්ලිමේන්තුවේ නිදියලා මිනිස්සුන්ට පුදුම ආතල් එකක් දෙන්න ඔවුන්ට පුලුවන් වෙනවා.ඒ අස්සේ සිංහයා කවමදාවත් ගෙදරට ආවේ නැති,අම්මා කවමදාවත් සිංහයෙක් ඉන්න කැලේකට නොගියපු පිරිසක් සිංහ ලේ ගැන කතා කරනවා.සිංහ ලේ වලට යටවන තමන්ගේ තිබුන තැන රැකගන්න නානසාරලා උසාවි ගිහින් "උඹේ මිනිහා කොටියෙක්...ගිහින් හිඟා කාපන්..." කියලා කෑගහලා උවමනාවෙන්ම අත් අඩංගුවට පත්වෙනවා.ගිනි තියාගන්න සියගානක් ඉන්නවයි කියලා තෙල බෙදපු සෙට් එක වාශ්පවෙනවා.අන්තිමේදී පැට්‍රල් නිකන් දුන්නත් ගිනි තියාගන්න එකෙක් හොයාගන්න බැරිවෙනවා.ඔය අස්සේ පන්සල්වල අලි පැටවු දාලා යනවා.එක බණකට ඕන කරන සවුන්ඩ් වලට ලක්ශ ගානක් ගන්න හාමුදුරුවරු නඩු කියන්න සල්ලි නැතුව රුපියල් 10ක් ඉල්ලලා පත්තරවල ලක්ශ 3-4 දැන්වීම් දානවා.ඔය අස්සේ යන්තම් කටට පන ආපු විග්නේශ්වරන් හැම මනුස්සයාම දෙමළ ඉගනගන්න ඕනේ කියලා සිඟිති ආතල් දෙනවා.කට වහගන හිටියොත් මිනිස්සුන්ට තමන්ව අමතකවෙයි කියලා හිතන හම්බ මෝඩයෝ ඉරාජ්ගේ සිංදුවෙන් අල්ලාට අපහස වෙනවා කියලා කෑ ගහනවා.වර්තමාන පාලකයෝ සැනසුම් සුසුම් හෙලනවා.

ඔන්න ඔය අතරේ අළුත් සෙට් එකක් කරළියට එනවා, ජඩ මාධ්‍යවේදියෝ කියාගන.ඉස්සර ඉඳන් හිටිය සෙට් එකක් උනත් ඒ කාලේ බහුතරයක් වෘතීය ගරුත්වය රැකගන ජීවත්වුනා.දැන් එවුන්ට එහෙම එකක් නැතිගානට වැඩේ කරගන යනවා.උකුස්සෝ, ඒජන්ට්ලා බැළුම්ගල් උඩට වෙලා බලාගන ඉන්නවා.උන්ට පේන්නෙම තමන්ගේ ළමයින්ගේ බඩගින්න නිසාම මුදලට වෙන මිනිහෙක්ට රෙද්ද උස්සන ගෑණුයි ,රුපියල් හාර පන්සියයක් ජරාවකන පොලිස් කොස්තාපල්වරු, ලිපිකරුවන් වෙනි රාජ්‍යසේවයේ පහල මට්ටමේ නිලධාරීනුයි, රුපියල් 500යේ කුඩු පැකට් 10-15 විකුණන මිනිස්සුයි විතරමයි.කලතුරකින් එතනින් උඩට ගියත් අඩුමගානේ උන්ට ජරාව කන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් අල්ලගන්න හයියක් නෑ.ප්‍රාදේශීය සභාවේ TO ගෙන් උඩට උන්ට යන්න බැරි බව උනුත් හොඳටම දන්නවා.ඉතින් මිලියන බිලියන ගනන් කොමිස් කුට්ටි අත යටින් හුවමාරු වෙන රටේ රුපියල් 2000ට රෙද්ද ගලවපු ගෑනු පවුකාරයෝ වෙනවා.ඔවුන්ව කොටුකරගත්ත හැටි දවස් ගනන්,පැය ගනන් කතකරනවා.පත්තරවල පිටු ගනන් අකුරු කරනවා.පොලීසිය වැටලීම් වලට මාධ්‍යකරුවනුත් සහභාගී කරවගන්නවා.කිසිම සදාචාර සම්පන්න කමක් නොමැතිව සැකකරුවන්ගේ මුහුණු, නම් ගම් මාධ්‍යයේ පලකරනවා.නඩු විභාග වලදී නිවැරදිකරුවන් වන සැකකරුවන් ගැන කිසිම සදහනක් නැවත පලනොකර ඔවුන්ගේ දරු පවුල් සමාජය ඉදිරිපිට අසරණ කරවනවා.ඒ මදිවාට කවුරුහරි ඔවුන්ගේ කාර්යය ප්‍රශ්ණකිරීමකට ලක්කරහොත් කොහේහරි හංදියකට ගිහින් 10-15ක් එක්ක උද්ඝෝශනය කරනවා.කොටින්ම කියනවානම් පුක කසාගන්නත් පෑණ යොදාගන්නවා.

අනේ ඉතින් මේ ඔක්කොම සුභ නිමිති මැද්දේ ජහමනයා අත හම යනකම්,අතේ ඇඟිලි ගෙවෙනකම් ඇස් පියාගන ස්වයං වින්දනයේ යෙදෙනවා.සුරතාන්තයට පත්වෙන්න ඉඩක් නොදීම නිමිති මාරුවෙනවා.ඉතින් ආපහු මුල ඉඳන්ම වැඩේ පටන්ගන්නවා.පාලකයෝ ඒකදිහා බලාගන සැනසුම් සුසුම් හෙලනවා.බෙංගමුවේ නාලකලා බටකොල ආච්චිලා ගැන කතා කියලා දෙනවා.රටේ පාලකයා හනුමා ගැන කතා කියනවා.හැම කතාවක්ම මැද්දේ ඉඳගන මිනිස්සු ඇස්පියාගන පස්ස ගස්සනවා......


කටුස්සා....

ප:ලි:

ඇනෝපීලිසෝ....කරපු උදවුවලට ගොඩක් ස්තූතියි....

Monday, February 22, 2016

ආදරේ කවියක් වෙමී....-01


"විහඟ..."
කාර්යයාලයට ඇතුල් වෙද්දීම ප්‍රධානියගෙන් ඇමතුමක්.
"ඇයි අයියේ....?"
"පොඩ්ඩක් මගේ කැබීන් එකට වරෙන් තව පැය භාගෙකින් විතර....පොඩි කතාවක් තියනවා...."
"එළ..."
එසේ කියමින්ම තම කැබීනය වෙත ගොස් අසුනට බරවූ තරුණයා දෙඅත් තම මුහුණ මත හොවමින් ගැඹුරු කල්පනාවකට සම වැදුනේය.ඔහුගේ දෙනෙත විඩාබරය.රතුවී ඇත මුහුනේ තිබූ ප්‍රබෝධය, නිරතුරුව දෙතොල සැරසූ සිනහව අතුරුදන් වී දින කිහිපයකි.කොහොමත් අකීකරු අක්බඹරු හිසකෙස් තවත් අවුල් වී ඇත.කෙටියෙන්ම පවසන්නේනම්,පැහැදිලිව පිටතට පෙනෙනා අපිලිවෙලක්, වේදනාවක් ඔහු වටකොට ගෙනය.තම මේස ලාච්චුව විවරකල ඔහු එතුලින් ගත් පැකට්ටුවෙන් සිගරට්ටුවක් දල්වා තම කාර්යයාල සහයක ඇමතීය.
"සර්...කතාකලාද මට...?"
"සුනිල්...මගේ බෝතලේට වතුර එකක් ගෙනෙන්කෝ....උඹට හැමදාම කියන්න ඕනෙනේ බං ඒක...අගන එන ගමන් හංසි මිස්ගෙන් අහගන වරෙන් මම දුන්න වැඩේ ඉවරද කියලා.....ආ...කොල්ලෝ...ඔය ජනෙල් ටිකත් ඇරගනම පලයන්...."
"හරි සර්..."
කවුළුවෙන් පෙනෙන පැහැදිලි නීල වර්ණ අහස්තලය දෙස බලාගන එම අවකාශයෙනුත් එපිටට තම සිතුවිළි මුදාහරිමින් තිබූ ඔහුගේ ; දකුනතේ සිරවුන දුම්වැටිය නොනවත්වාම අලු පැහැති දුම් වලලු පිටකරමින් තිබුනි.
"සර්...හංසි මිස් ඒ ෆයිල් එකත් අරගන තව ටිකකින් එන්නම් කිවුවා..." පුරවා ගෙනා වතුර බෝතලය මේසය මත තබමින් සහයකවරයා පැවසීය.තරුණයාගේ මුහුන තවත් අඳුරු විය.
"උඹත් වැඩක් දුන්නම නානවනේ රෙද්ද....දැන් ඔය මගුල මෙතන්ට ආවහම පැයකට යන්නේ නෑ...උඹ ඇවිත් මෙතන ඉඳගන හිටපන්.මම උඹේ වැඩටික කරන්නම්...."
නොරිස්සුම් සහගත ලෙස පැවසූ තරුණයා.
"බොනවද එකක්....?"යි පවසමින් සිගරට් පැකට්ටුව ඔහු දෙසට තල්ළු කලේය.
"මම ඔතන්ට ඇවිත් වාඩිවුනාට වැඩක් නෑ සර්....හංසි මිස් එන්නේ මාව බලන්න නෙමෙයිනේ.එහෙම වුනොත් මිස් තේ හදන කෑල්ලට ඇවිත් කියව කියව ඉඳියි ,සර්ට තේකක්වත් හදන්න දෙන්නේ නැතුව...."
"මම...තේ හදන කෑල්ලේ මොනවා කරන්නද...?"
"ඇයි සර් දැන් කිවුවේ සර් මගේ වැඩ කරන්නම්  කියලා....එහෙම උනොත් සර්ට ඉන්න වෙන්නේ තේ හදන කෑල්ලේ තමයි....."
"මම උඹට කිවුවයි කියලා හිතාගනින්....මේ...කොහොමද අද බොසාගේ මූඩ් එක....?මල පැනලා වගේද හිටියේ....?"
"එහෙමට අවුලක් නෑ සර්....සිංදුවකුත් කියාගන ඔෆිස් එකට ආවේ උදේ...."
එහෙනම් අවුලක් නෑ...ආ....මේකත් අරගන පලයන්...දැන් අර හෝන්තුව කොයි වෙලේ මෙතන්ට කඩාපාත් වෙයිද දන්නේ නෑ...."
"ඔවු ඔවු....ඒ වෙලාවට මම මෙතන හිටියොත් සර්ටම තමා පාඩුව...."'යි හිනහෙමින් පැවසූ සහයකවරයා තරුණයා දුන් දුම් වැටියත් ගෙන කැබීනයෙන් පිටත්විය.තම දකුණතේ සිරවී තිබූ දුම්වැටීයේ අවසන් උගුරෙන් ලය පුරවාගත් තරුණයා එයින්ම තවත් දුම්වැටියක් දල්වාගන මේසය මත වූ පරිඝණකය වෙත නෙත් යොමුකලේය.
"එක්ස්කියුස්මී...විහඟ අයියේ...වැඩක්ද?'යි අසමින් කැබීනය වෙතට පැමිනියේ අවුරුදු 24-25ක පමණ සුන්දර තරුණියකි.නවීන තාරුණ්‍ය කාන්තාවකගේ සුන්දරත්වය මේ‍යැ'යි හදුන්වන සියළුම අංගෝපාංගවලින් සමන්විත නාරී දේහයකින් සමන්විත වු  ඇය තරුණයා කිසිත් පැවසීමට පෙරම ඔහු ඉදිරියෙන් වූ  පුටුවක අසුන් ගත්තාය.
"දැනටනම් නෑ නංගී.ඒත් තව විනාඩි 10කින් විතර බොස්ව හම්බවෙන්න යන්න ඕනේ.ඇයි...මොකක් හරි ප්‍රශ්නයක්ද...?"
"ආපෝ මේකේ ඇතුලේ සිගරට් ගඳ....කොහොමද අප්පා හුස්මගන්නේ මේකේ ඇතුලේ...."නළල රැලි කරමින් සුරතේ ඇඟිලි ලෙළවමින් ඇය පවසන විට තරුණයාට මැවී පෙනුනේ බාර්බි කාර්ටූන් පටවල සිටින බෝනික්කන්වය.
"ඉතින් ඒකට හුස්ම නොගෙන හිටියනම් හරිනේ...."
"හම්....මම මේ දවස්වල හුස්ම නොගෙන ඉන්න ට්‍රයි කරනවා.පුරුදු උනහම මම කියන්නම්කෝ......"
"හරියන එකක් නෑ කවදාවත්."
"ඇයි....?"
"ඔයාට ඇත්තේ පෙනහළු එකයි.ඔය ඇඟේ හැටියට දෙකක් තියෙන්න ඉඩක් නෑ...."
"ආනේ....ඇත්තද....?කොහොමද දන්නේ නෑ දැනගත්තේ හරියටම....?"
"භාහිර අංග ලක්ෂනයෙන් තමයි ඉතින්......"
"භාහිරෙන් බලලා ගන්න තීරණ හැමතිස්සෙම හරියන්නේ නෑලු...."
"හා එහෙනම්....ඔෆිස් එකේ කවුරුත් නැති වෙලාවට මම බලන්නම්කෝ අභ්‍යන්තරව ඔයාගේ ඇඟේ අඟලක් ගානේ.ඊට පස්සේ මම කියන්නම් මගේ නිගමනය"
"කට ඇරියොත් කුණුහරුපයක්ම තමයි....මේ අර ෆයිල් ටික.ඔක්කොම කම්ප්ලීට්...බලලා මට දෙන්න ප්‍රින්ට් එකට යවන්න...." මවාගත් නොරිස්සුමකින් ඇය පැවසීය.
"මම සර්ව හම්බවෙලා ඇවිත් මේ ටික බලන්නම්.ඕක ඔහොම තියන්න හංසි..."
"විහඟ අයියේ....මුකුත් හිතන්න එපා....දෙයක් අහන්නම්....?"
"අවුලක් නෑ...අහන්න..."
"මොකද්ද හිතේ ප්‍රශ්ණේ....?"
"ඇයි එහෙම අහන්නේ....?"
"නෑ...ඔයාගේ මූණේ කිසි හිනාවක් නෑ මේ දවස්වල....හැම තිස්සෙම උඩ බලාගන ඉන්නේ....ඒකයි ඇහුවේ...."
"ලොකු දෙයක් නෑ හංසි...මේ පෞද්ගලික ප්‍රශ්ණයක්"
"මට කියන්න බැරිද....?"
"බෑ හංසී...මම පෞද්ගලිකත්වයට ගොඩක් ගරුකරනවා.ඒක එලිවෙන්නේ මාත් එක්ක ජීවිතේ බෙදාගන්න අයත් එක්ක විතරයි"
තරුණියගේ මුහුණ රතුවිය.දෙනෙත් කඳුලින් බරවිය.
"ඔයාට මං ගැන එහෙම හිතන්න බැරිද අයියේ....?"
"බෑ නංගී....මම හිතන්නේ නෑ ඒක කවදවත් සිද්දවෙයි කියලා....අනික කෙනෙක් තව කෙනෙක්ගේ හිතට ලංවෙන්නේ හිතලා නෙමෙයි.ඒක වෙන්න ඕනේ ඉබේමයි.මට ඔයාගැන එහෙම හිතෙන්නේ නැත්තන් මම මොනවා කරන්නද?අනික අපි මේක ගැන කලිනුත් කතාකරලා තියනවනේ දරුවෝ....."
"හරි...මට සමාවෙන්න....මම යනවා" කඳුලින් බරවුන නෙත් බිමට යොමමින් තරුණිය කැබීනයේ දොර දෙසට ගමන්කරන්නට විය.
"මේ මොනවද මේ පාර්සලේ....?"
"ඊයේ ගෙදර කිරිටොෆි හැදුවා...ඔය ඔයාගේ පංගුව...."
ආපසු නොබලමින් කැබීනයෙන් පිටවෙන ඇය පැවසීය.පාර්සලය දෙසත් පිටුපා යන ඇය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් උන් තරුණයා සිතින් තමන්ටම කුණුහරුපයක් කියාගනිමින්ම නැගීසිටියේ ප්‍රධානියා හමුවීමට යාම සඳහාය.

හිතවත් පාඨකය....මේ කතාව නිවැරදි අනුපිලිවෙලකට හෝ දැනටමත් දන්නා අවසානයකට හෝ ගලායන්නක් නොවන බව කාරුණිකව සිහිතබාගන්න.අතීතය,වර්තමානය හෝ අනාගතයේ කුමක් සිදුවූවත් මේ කතාව මේ විශ්වයේ කොතනක් හෝ සදහන් විය යුතුමය.ඒ මේ කතාවේ බොහෝ පාර්ශවයන්ගේ හිතසුව පිනිසමය.ඒ නිසා මෙය කීමේදී මේ කතාවේ එකඳු හෝ පරිච්ඡේදයක් මගහැරීමට මට අවශ්‍යනැත.මෙය ලියවෙනේ මේ කතාවේ චරිත අතුරින් වරදකරු, නිවැරදිකරු තීරණය කිරීමට නොව මාගේ හදවත නිදහස්කරගැනීමේ ශුද්ධවූ අයිතිය නිසාවෙන්ම බව නැවත පවසමි.මෙවන් කතාවක් සිතේ තබාගන ජීවත්වීම හෝ මියයාම හදවතට තවත් බරක් එක්කාසු කරගැනීමකි.සිතේ නිදහසින් මියයාමට කැමති නිසාම මෙම කතාව මෙහිදී අකුරු බවට හරවනු ලබමී.එහිදී මතුවන අතීත සෙවනැලි කතාවේ ගලායාමට බාදාවක් සේ හැඟුනද එම සෙවනැලි පහස මැදහත් සිතින් ඉවසා සිටිනමෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


"ජීවිතේ කොතනද තියෙන්නේ....?" තරුණයාගේ පපුව මත හිස තබාසිටින තරුණිය විමසුවාය."
"ජීවිතේ අන් තැනක"
"අන් තැනක කිවුවේ....?"
"මෙන්න මෙතන...." හිස උස්සා තරුණියගේ හිස සිඹිමින් ඔහු පැවසීය.
"ඒක මිසක්....අන් තැනක කියලා කිවුවහම මම හිතුවේ වෙන කවුරුහරි කෙල්ලෙක් ලඟ කියලා...."
"එහෙම උනානම්....?"
"එහෙම උනොත් මම උඹව මරනවා...."
"කොහොමද....?උම්මා දීලද....?"
"නෑ....බෙල්ල මිරිකලා...."
"එහෙම කොහොමද කරන්නේ....?මගේ බෙල්ල මිරිකන්න එනකොට මම උඹව පෙරලගන බඩට බර්ර්ර්ර් ගානවා.එහෙම කරනකොට උඹට කිතිනේ.එතකොට උඹට මගේ බෙල්ල මිරිකන්න බෑ.මෙන්න මේ වගේ...."යි කියමින්ම තරුණියව සයනය මත පෙරලාගත් ඔහු ඇගේ නිරුවත් කුස මතට තම මුව ගෙනගියේය.රැවුල් කොටත් තම කුසට මුව තබා කරන බර්ර්ර්ර් ගෑමත් නිසා කිතිකවුන තරුණිය මහා හඬින්  කෑ ගසන්නට විය.
"ඒයි...මෝඩයෝ....මාව අතාරිනවා....අනේ...මට කිති.... බූරුවෝ...ආ...අනේ අයියේ....."
"තාමත් මගේ බෙල්ල මිරිකනවද....?"
"ඔවු...වෙන එකියෙක් ගාවට ගියොත් මිරිකන එක මිරිකනවාමයි...."
තරුණයාගේ මුව නැවත ඇයගේ කුස වෙතට නැඹුරුවිය.
"අනේ...ඒයි...කුචි...කුචි.....අනේ අයියේ....."
"තාමත් බෙල්ල මිරිකනවද මගේ....?"
"ඔවු...ඔයාට නින්ද ගිහින් ඉන්න වෙලාවට ලඟට ඇවිත් මිරිකනවා...."
"ඔයා ලඟට එනකොට මට ඇහැරෙනවා කොච්චර නින්ද ගිහින් හිටියත්...."තරුණියගේ නිරුවත් කුස මත තම හිස තබාගනම ඔහු පැවසීය.
"ඒ ඇයි....?"
"තොගේ ගඳට...."
"පල යන්න නරියා...මම ගඳයිනේ....මොකද මට තුරුල්වෙලා ඉන්නේ....?" මවාගත් ආදරණීය අමනාපයකින් තරුණයාගේ හිස පසෙකට තල්ළුකරමින්ම ඇය පැවසීය.කිසිවක් නොකියවූ ඔහු ඇගේ සිරුර දිගේම උඩටවිත් ඇයව කිටි කිටියේ තුරුළුකර ගත්තේය.
"ඔයත් එක්ක ඉන්නකොට කොයි වෙලාවේ හරි මගේ හුස්ම හිරවෙනවා...." කෙඳිරිලි හඬකින් ඇය පැවසීය.
"ඒ ඇයි...?" ග්‍රහනය තරමක් ලිහිල් කරමින් ඔහු විමසීය.
"ඇයි ඉතින් මේ මිනිහා ආදරේ පෙන්නන්නේ අමුතු විදිහකටනේ.පිඹුරෙක් වගේ වෙලාගන.කිසිම දෙයක් කටින් කියන්න බෑ.ආදරේ වැඩිවුනහම මාව මිරීකනවා....මම ඉතින් හිතාගන්න ඕනේ මූ මාව මිරිකන්නේ ආදරේ වැඩිවුන නිසා කියලා....." ඔහුගේ දෑස් මතට එබෙමින් ඇය පැවසීය.
"මට ආදරේද....?"
"ගොඩක්...."
"එහෙනම් මගේ ජීවිතේ තියෙන්නේ මෙන්න මෙතන...." තරුණියගේ නිරුවත් ළැමට අත තබමින් ඔහු පැවසීය.
"ඒක වෙන්න ඇති ආපු වෙලාවේ ඉඳන් එතන්ටම ඔලුව ඔබාගන ඉන්නේ...."
"හම්ම්...ආදරේ උරලා බොන්න...."
"යනවා යන්න වනචරයා....මහ අමුම අමු වලත්තයෙක් වෙලා..."
"කවුද දන්නේ නෑ මාව වලත්තයෙක් කලේ....?"
"කවුද....?අපිනම් දන්නේ නෑ ඕවා...කරපු කෙනාගෙන්ම අහගන්න එකයි ඇත්තේ..."
"මම අහගන්නම්කෝ දවසක...."
"කවද්ද....?"
"දැන්..." කියමින්ම තරුණයා ඇගේ පියවුරු අතර මුහුණ හොවාගත්තේය.
------------------------------------------------------

"විහඟ...වරෙන්.වාඩිවියන්..."
"ඇයි රුවන් අයියේ...හදිස්සියක්ද....?" පුටුවේ අසුන්ගන්නා ගමන් ඔහු විමසීය.
"ඇයි දැන් හදිස්සියකදී විතරද උඹව හම්බවෙන්න පුළුවන්....?"
"නෑ ඉතින් මේ උදේ පාන්දර කතාකරපු නිසා ඇහුවේ....මොකද්ද කේස් එක?"
"එහෙම මගුලක් නෙමෙයි බං...කොහේද ඊයේ රෑ හිටියේ....?"
"කොහෙවත් නෑ.ගෙදර...ඇයි?"
"සෙට් වෙන්න ආවේ නැත්තේ...?"
"මේ දවස්වල බොන්න කිසි කික් එකක් නෑ...ඒකයි"
"උඹ මේ දවස්වල අවුලකින්ද ඉන්නේ....?"
"එහෙම එකක් නෑ...ඇයි?"
"මේ දවස් වල උඹේ පෙනුම, හැසිරීම දැක්කහම මට එහෙම හිතුනා.ඒකයි ඇහුවේ..."
"එහෙමට ලොකු දේවල් නෑ රුවන් අයියේ..."
"එහෙම දෙයක් නැත්තන් කමක් නෑ.මම හිතනවා උඹට ආපහු අවුල් ගහන්න තරම් දෙයක් සිද්දවුනේ නෑ කියලා මේ ටික කාලෙදී....පහුගිය කාලෙදී උඹේ ජීවිතේට සිද්දවුන දේවල් හොඳටම ඇති..."
"ආපහු අවුලක් වුනොත් මම ඉතුරුවෙන එකක් නෑ.ශේප් එකේ යනවා ලොකු අයියේ ඉතින්.දන්නවනේ ඔයා; මමම හදාගත්තු ප්‍රශ්ණ මිසක් මට වෙන ප්‍රශ්ණ කවදාවත් තිබුනේ නැති විත්තිය...."
"දන්න හින්දා තමයි මම උඹ ගැන ඇලර්ට් එකේ ඉන්නේ.මේ දවස්වල උඹේ හැසිරීම මට පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ.මට හිතෙනවා උඹ ආපහු ලොකු පිම්මක් පනින්න හදනවා කියලා...."
"දන්න බල්ටි 18ම ගහලා ම දැන් හති.ආපහු පනින්න තරම් පිම්මක් දැන් මට නෑ"
 "ජීවිතේ එක තැනක් වැරදුනහම මුළු ජීවිතේම කඩාග වැටෙන්නේ නෑ බං.දැන් ඔය පහුගිය දේවල් අතෑරපන්.ආපහු ජීවිතේ ගැන හිතන්න පටන් ගනින්.එක එක කාලෙට එක එක විදිහේ හුළං පාරවල් ජීවිතේට හමාගන එනවා.ඒවා ජීවිතේ ඇතුලින් යනකොට එක්කෝ හරි සනීපයක් දැනෙනවා.නැත්තම් මුළු ජීවිතේම කඩාගන වැටෙනවා.ඒ කඩාගන වැටුන තැන් ආපහු හදාගන ආපහු හුළංපාරක් එනකම් බලා ඉන්න එක තමයි ජීවිතේ කියන්නේ.මම උඹ, බං ,බොලං කියලා උඹට කතාකලට උඹ දන්නවා මට ළමයි හිටියනම් උන් උඹටත් වඩා ලොකුයි කියලා.ඒ නිසා උඹේ තාත්තා කියනවා කියලා හිතාගන මේවා අහගනින්.තව හුළං පාරකට ජීවිතේ අල්ලන්න උඹට දැන් කාලේ හරි මම හිතන විදිහටනම්.
"ඒ එන හුළඟ ඉස්සල්ලා ආපු එකට වඩා හපන්වුනොත් මම හාන්සියි.ඒ නිසා තව ටික කලයක් ඉමු.අනික ඉස්සල්ලා හුළඟින් කැඩුන තැන් ටිකක් තියනවා තාම මට හදාගන්න ඉතුරුවෙලා."
තරුණයා එසේ පවසත්ම මැදිවියේ හුන් ප්‍රධානියා ඔහු දෙස තියුණු බැල්මක් හෙලීය.
"උඹ දන් ඔය කතාකරන්නේ උඹේ ජීවිතේට සිද්දවුන දේවල් වලට වන්දිගැනීමක්, පළිගැනීමක් වගේ දෙයක් ගැනනම් ,මම කැමතියි උඹ ඒ අදහස හිතින් අයින්කර ගන්නවනම්.උඹ එහෙම කලොත් අනිත් මිනිස්සු පවු."
"ඒ ඇයි...?"
"මම උඹේ ගැන දන්න නිසා.උඹ එහෙම කලොත් ඒක අනිත් එවුන් කරනවා වගේ පිහියෙන් ඇනලා, වෙඩිතියලා ඉවරවෙන ජාතියේ එකක් නෙමෙයි කියලා මම දන්න නිසා"
"එහෙම දෙයක් නෑ රුවන් අයියේ...." ප්‍රධානියාගේ දෑස තම දෑස හා ගැටෙන්නට ඉඩක් නොතබමින් ඔහු පැවසීය.
"නැත්තන් කමක් නෑ...මේ...මම උඹට කතාකලේ වැඩක් බාරදෙන්න...."
"කාට හරි වෙඩි තියන්නද....ගෙඩියක් ගහන්නද....බැංකුවක් කඩන්නද....?"
"අනේ මේ....උඹයි මායි කඩන බැංකු....ඉඳා පත්තුකරගනින්....." එකක් දල්වා සිගරට් පැකට්ටුව තරුණයා දෙසට තල්ළුකරමින්, ප්‍රධානියා පුටුවේ හරිබරි ගැහුනේ දීර්ඝ කතාවකට අවශ්‍ය සුවපහසුව ලබාගැනීමටය.

                                     -මතු සම්බන්ධයි-


කටුස්සා....

Friday, February 19, 2016

පරිපූර්ණ.....

රන් පාට පෙණ බිංදු මුමුණමින් ගී ගයන
බීර වීදුරු දෙකක්....
පසුපසින් හිනහෙනා රතුවිච්ච වතින් යුතු
නොනැවතී තතු අහන නොනැවතී තතු කියන
බොහෝ කලකින් දුටුව මිත්‍රයන්
දෙදෙනෙක්....

මොකද උඹ තනිකඩව පාළුවෙන් මහ ගෙදර
තව නැද්ද අදහසක් කරගන්න පෙලවහක්....

නැහැනේ මට හමුවුනේ සිත ඇඳුන රුව තවම
වෙන ලඳක් කෙරෙහි නෑ දෙන්නෙ මම ආදරය....

පුදුමයෙන් මෙන් විවර දෙනෙත ඔහු දෙස යොමා
එළඹ ගත් සිහි ඇතිව නැවත ඔහු විමසුවා....

සොයන රුව පවසපන් දැනගන්න මටත් එය
දනිමිනම් එවන් රුව මට හැකිය පවසන්න....

හඬන දිය ඇල්ල සේ කඩාවැටෙනා වරල
අඩ සදත් පරදනා නෙත් පිනන ඇගෙ නලල
සත් වර්ණ දේදුන්න සේ පෙනෙන බැමි යුගල
දුටු ගමන් විකල් වන නීල උත්පල දෙනෙත
අල්ලන්න ලොභ සිතෙන මටසිළිටු කොපුල් තල
නා දලුත් විලි වදින රත් පැහැති දෙතොල් මන
දුටු ගමන් සිපගන්න සිතෙන උරහිස් යුගල
ඇල්ළුවොත් රිදෙයි'යැයි බය සිතෙන රණතිසර
ගෑවුනොත් කිති කැවෙන සුදුපාට ඉඟ නෙරිය
දෑතින්ම වැලඳ ගත නොහැකි ඇගෙ පුළුලුකුල
රඹ කදක් ලෙස පෙනෙන ලප නොමැති දඟ යුගල
පිරුණ .....................................

මොකද උඹ බයවෙලා වගේ නෙතු යොමන්නේ
දාඩියත් දාලා නොවැ වෙරි වැඩිද කියන්නේ....

අනේ නෑ දැන් මතක් තිබු මතත් බැස්සනේ
පවසාපු සියල්ලම ඇත්තදයි කියන්නේ....

අනේ ඔවු ඇයි මචං මොකක් හරි අවුලක්ද
අනිත්'වුන් වගෙ නෙමෙයි මගෙ නැනේ කිසි බොරුව....

තනිකඩව ඔය ගෙවන දිවිය ඔය විදිහටම
ගෙවාපන් කිසිම දින එපා මගුලක් කන්න
උඹ කියපු විස්තරය ඇත්තනම් ඒ ලෙසට
යකින්නක් පමනක්ය බඳින්නට හැකි නුඹට
ඔය විදිහෙ කෙල්ලොනම් තවම නැහැ මෙහි ඉපිද
බැඳගනින් රඹ ගහක් හදාගන හිලක් මැද......


කටුස්සා....