Tuesday, February 2, 2016

උඹට හොඳක් වෙන්න එපා.... උඹට නින්ද යන්න එපා....


දත් තිස්දෙක හිමින්සැරේ නොතේරෙන්න ගැලෙවුවාට
හෙන ගහපන් උඹ යන එන හැමතැනදිම උඹෙ ඔළුවට
සැළුන් එකට ගිහින් උලන ක්‍රීම් ජාති විසවී තොට
කොස්ගෙඩි මෙන් ගෙඩි දාපන් උඹේ මූණේ හැමතැනකම

උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා......

ඇස්කරකන් කොල්ලන්වෙත මෝල් බැල්ම දානකොටම
කෙල ගහපන් උඹේ මූණට හැම එකාම එක විදිහට
කෙල්ලන්ගෙන් දත් ගලවන කොල්ලෙකු ලඟ වී කෑල්ල
හම්බකරන හැම සතයම නැතිවී පලයන් නුඹහට

උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....

උඹේ නමින් ගලපු කඳුළු මගේ ඇසින් කොට්ටෙ උඩට
සුනාමියක් වී ඇවිදින් ගහගන පලයන් නුඹ හෙට
මගෙ අත අල්ලන් ඇවිදපු පාරදිගේ වැතිරීහිඳ
අත දික්කරගන හිටපන් හිගාකන්න රුපියල දෙක

උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....


මේක කියවලා "මුගේ අම්මට....."කියලා කියන්න කලින් යට ටිකත් කියවපියෝ.......




පහුගිය දවසක හදිස්සියේ මොණරාගල යන්නවුනා බස් එකේ.ඉස්සරහ සීට් එකට තදවුන දණහිසත් එක්ක එහෙට මෙහෙට ඇඹරි ඇඹරි පැය 7-8ක් තිස්සේ සැපට ගිය ගමනට කන්සැපක් දෙන්න ඩ්‍රයිවර් අයියයි කොන්දොස්තර අයියයි පොඩ්ඩක්වත් ලෝභවුනේ නෑ.ටෙක්නිකල් හන්දියට යන්නත් කලින්ම "ඔබට සතුටුයිද දැන්" කියලා පටන්ගත්තු කන්සැප ; හුළංදාවෙන් බහිනකොට සතුට වැඩිකමට දෝරේ ගිහින්.එහෙන් මෙහෙන් අසන්නට ප්‍රියකරන සිංදුවක් දෙකක් ඇහුන්නැත්තෙමත් නෑ.ඒත් ඒවත් "ඩිශුම් බිශුම්" සංගීතෙත් එක්ක.ඇහිච්ච සිංදුවලින් 99% ම හොටු පෙරාගන කබ කඩාගන බිජ්ජ හපාගන කියපු ලතෝනි.ගෙදරදිවත් ,වැඩකරන තැනදිවත් වැරදිලාවත් අහලනැති සිංදු ගොඩක් මේ ගමනට පිංසිද්දවෙන්න අහන්න ලැබුනා.ඒවා ලියන,කියන කොල්ලොනේ කොල්ලෝ.ගෑණු ළමයෙක්ට ඒවගේ කොල්ලෙක් කසාද බැඳගන්න බැරිනම් දරුකමට හරි හදාගන්න යුතුකමක් තියනවා."උඹ එනකම් මම ජීවිතකාලෙම තනියෙන් බලාගන ඉන්නවා" ,"එකෙක් එක්ක බැරිනම් 10ක් එක්ක හරි ගිහින් වරෙන්.එතකන් මම තනියෙන් ඉන්නවා" , "අනේ ඉක්මනට එන්නකෝ.මට හරි තනියි.සීතලයි ", "උඹ මට වැරදි කලාට මම රහසින්වත් උඹට වැරද්දක් කරන්නේ නෑ" , "ඔයා ආපහු එනකම් මම ස්වයංවින්දනේවත් කරන්නේ නෑ" වගේ ඒවා හිතන පතන කියන කොල්ලෙක්ව බැඳගන්න තියනවනම් කෙල්ලෙක්ගේ මොනතරම් පිණක්ද?.

ඔය අතරේ හිතුන දේ තමයි ඔයවගේ සත්ගුණවත් අනේ මට ඇරලම පලයන් කියලා අඬන කොල්ලෝ මැද්දේ තමන්ව රවට්ටලා දත ගලවලා ගියපු කෙල්ලට "තොට හෙන ගහපන්" කියලා ප්‍රාර්ථනා කරන එකම කොල්ලෙක්වත් නැද්ද කියන එක.අඩුමගානේ එහෙම එකෙක් හරි නැතිවෙන්න විදිහක්නෑනේ.මොකද ඔය ප්‍රභුද්ධයි කියන ඈයොත් දාලාගිය එකීට කිරි උතුරපන් කියලා සිංදු කියල තිබ්බට "අනේ උඹට කෙළවියන්" කියලා සිංදුවක් කියල තියන එකක්'යැයි. අන්න ඒ ඉන්න කොල්ලා හදිස්සියෙන් හරි සංගීතයක් බලන්න ගියොත් ඌ පවුනේ.උගේ චොයිස් එකට එක සිංදුවක්වත් නෑනේ ඒවගේ.ඒ නිසා ඒ කොල්ලා ගැන ඇතිවුන අනුකම්පාවට ඩිශුම් බිශුම් සංගීතෙට ගැලපෙන්න ලියපු අහිංසක උත්සාහයක් විතරයි මේක.මේක කියවන කාන්තා පාර්ශවේ මේක ගැන විස්සෝප වෙන්න දෙයක් නෑ.ඕකේ පද ටිකක් එහෙ මෙහෙ කරලා පිළිතුරු ගීයක් කියන්න බැරිකමකුත් නෑනේ ඉතින්..


කටුස්සා....

72 comments:

  1. අඩේ මම ලියන්ඩ ඕනෙ හොඳ පැණි බේරෙන ලව් සෝංග් එකක් ...
    මොකද තණමල්විලෙන් නැග්ග සෝයි නංගියෙක් මං ගාව ඉඳගත්තනේ ...
    තිබ්බ වෙරි, නිදිමත, දණහිස් අමාරු, කොන්දෙ අමාරු, කොහෙන් ගියාද නෑ ... ඊට පස්සෙ අර සිංදු එකක්වත් ඇහුනෙත් නෑ .....

    ReplyDelete
    Replies
    1. ඒ නංගි අතේ මොනාවත් මල් ජාතියක් එහෙම තිබ්බද?

      Delete
    2. මන්ද බං... කටුස්ස තමා දන්නෙ... මම ඒ පැත්ත බැලුවෙවත් නෑ ....

      Delete
    3. වෙලාවට මට ඒ වෙලාවේ නින්දගිහින්.ඇහැරිලා බලනකොට මගේ ශීට් එකේ ඇරෙන්න අනිත් හැම එකකම කට්ටිය වාඩිවෙලා.මම බයේ හිටියේ උඹ එහාපැත්තේ එකාගේ ඔළුව උඩ කකුල තියාගන නිදියනකොට ඌ ඇහැරිලා උඹට ගහයි කියලා.

      ප්‍රසන්න අයියේ,පස්සේ ආරංචිවුන විදිහටනම් ඒ නංගී මූ ඉඩදෙනකම් එතනටවෙලා බලාගන ඉදලා.මූ පොඩ්ඩක් මනුස්සකමට හිනාවුනානම් මල් බිස්නස් එකක් කරගන ආතල් එකේ ඉන්න තිබුනා.

      Delete
    4. දෙමළ "න"යන්න ඉස්සලපාර මේ පැත්තට....

      Delete
  2. ඔහොමත් කියනවද බොල.

    ReplyDelete
    Replies
    1. ස්ටේජ් එකේ කියන්නනේ බං නටන්න.

      Delete
  3. හෑ! ඔය ගොල්ලෝ මොණරාගල ගියාද?

    මට බස් අජිත් නැතුව මේ ගමන යන්න බෑ..ඈ. ඈ.. කියනකොටම 'ඔබට සතුටුයිද දැන්?' කියල ඩිශුම් ඩිශුම් කණ පුරවලා දීපු එකනම් පට්ට කොයින්සිඩන්ස් එක.. හැක හැක හැක..

    මේකට අනිවා තනුවක් දාල කියවන්න ඕනි 'අවංක' කොල්ලෙක් හොයාගෙන..

    ReplyDelete
    Replies
    1. ලොකු ගෝරිල්ලො දෙන්නෙකුයි පැටියෙකුයි මොණරාගල ගියාලු.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මට පැටියා කියල කියුවට ඉස්කෝතුයි..

      Delete
    4. කවුද යකෝ ගෝරිල්ලෝ ..??
      තෝ අහුවෙන්ඩ එපා ...!!!!

      Delete
    5. උඹට එවපු එක ඩයිවර් අයියටත් ගිහින්ද කොහේද ඌ ටක්ගාලා "ඔබට සතුටුයිද දැන්" කියලා සිංදුව දැම්මේ...

      අවංක පු%$ මයිල් නෑළු.ඒ පැත්තේ මයිල් නැති එකෙක් හොයාගත්තනම් ඌට කියලා කියවන්න තිබුනා.

      Delete
    6. හෙහ්.. ගල් මූසලයො තුන්දෙනා ගිහිල්ල එහෙ ඉඳන් කෝල් දෙනව ඉරිසියා හිත්වන්න ඒ මදිවට..

      Delete
  4. අම්මෝ බස් කරච්චලේ ගණන් නම් කියලා වැඩක් නැ ..රෑ එළිවෙනකල් ඔය මගුල් අහගෙන ගිහින් බහිනකොට ඒ සින්දු ඔක්කොම කට පාඩම් වෙලා ...
    ඇත්තටම කටුස්සෝ මෙහෙම සින්දුවක් ලියවිලම නැද්ද මන්දා ...කුවේණිද කොහෙද ඔය විදිහට පලිගහලා තියනවා නේද ? ....

    ප්‍රාර්ථනා බිඳුණ යි වැළපී හැඬුවා
    ආදරේ බිඳුණ යි ළතැවී හැඬුවා
    හිත සසැලී මුළු රෑ හැඬුවා...

    ගස නෑ කිසි දා වැළපීලා
    පිබිදුණු සිය මල් පර වූ දා
    ඉරණම විසඳනු ඇත මතු දවසේ
    විසඳුම ඉරණම විසඳන දවසේ...

    රස දේ විස තැන් නොසිතූ සේ
    විස දේ රස තැන් රස වූ සේ
    හිරු සඳු හඳුනනු බැරි මිනිසුන්නේ
    මිනිසත් කම් හිරු සඳු දුටු දවසේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය සහ ගායනය : ප්‍රියා සූරියසේන

    ReplyDelete
    Replies
    1. කුවේණිගේ සාපය නිසාළු ලංකාවට දියුණුවෙන්න බැරි....D

      ඔය වගේ එක සිංදුවක් තියනවද කොහේද සිංදුවෝ ජිප්සීස් පියල් කියන. "අනේ කෙල්ලේ...නෑ ඔබට හොඳක් වෙන්නේ" කියල."ඔබේ රස කතා ඔබේ පෙම් කතා" විදිහට තමයි මුල මතක.

      Delete
  5. මොණරාගල ගැන මට අමතකම වෙලා තිබ්බේ...
    බස් වලම විතරක් යන ප්‍රබුද්ධ සිංදුවක් කාරිය අහගෙන සතුටෙන් සමාදානයෙන් ඔය වගේ දුර ගමනක් යන එකම මොන තරම් වාසනාවක්ද...

    කොහොමද ලඟදි දවසක බස් එකේ යද්දී මේ සිංදුව අහන්න ලැබුනොත් එහෙම...

    ReplyDelete
    Replies
    1. පුදුම වාසනාවක් තමයි.ඔය ගමනට පහුවදා ආපහු පුරේ ආවෙත් බස් එකේ.කෝච්චියේ යන්න උදේම නැගිටගන්න බැරිවුනා.ඒකේ දාලා තිබුනේ "ඇහැලේපොළ කුමාරිහාමි"යි, "සිරි දළදා ගමනය"යි.ඉතින් බලපන් මම කොච්චර පිණක් කරපු එකෙක්ද කියල.මම පුරෙන් බැස්සේ තනිකර රජ මූඩ් එකෙන්.ඉන්න තැනට යනගමන් බාර් එකෙන් බාගෙකුත් අරගන ගියේ රජ මූඩ් එක දිගටම තියාගන්න.

      Delete
  6. මොකද බං නැත්තේ. මම නං එහෙම කවි කරායොත් දැකල තියෙනවා. හැක්..

    උඹ කිව්වත් වගේ තොගේ ආච්චිගේ රෙද්ද කිය කිය තමා කවි පද කියෙව්වේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. උන් තැනකට එන්නේ නෑනේ දේශෝ. ඒකට අඩන ගායකයෝ...
      කෝ අද උබේ අනිත් කෑල්ල.

      Delete
    2. ඒකා අද අමුඩේ හොදන්ට කියල ගියා නේ.. කලින්ම

      Delete
    3. ඔවු මේ අමුඩෙ සති ගානකින් හොදල නෑනෙ. අරක වහගන්න බෑ ඒ හින්ද. හැක්..

      Delete
    4. ලිපට දාලා රත් කරලා ගත්තනම් හොදයිනේ.. එතකොට ඉක්මටම වෙලේවි.

      Delete
    5. බලපන් ඉතින් මම හින්දා උඹලට අපේ ආච්චිවත් මතක්වෙනවනේ හිටං.

      Delete
    6. හේදුවේ නැතිවුනහම වහගන්න බෑ....???මමනම් අහල තියෙන්නේ වතුර නැතිව ඇකිලෙන ඒවා ගැන.වතුර නැතුව ඉදිමෙන ඒවත් තියනවද?

      Delete
  7. උඹලට කාරෙකක් හම්බ උනේ නැතිය ? අනේ සාදු... නැත්නම් කොහෙද මෙහෙම සිංදුවක්
    මම මුලින්ම හිතුවෙ අර පරණ කෑල්ල ආයෙ මුලිච්චි වෙලා තරහට ලියවෙච්චි එකක් කියල.

    ReplyDelete
  8. උඹලට කාරෙකක් හම්බ උනේ නැතිය ? අනේ සාදු... නැත්නම් කොහෙද මෙහෙම සිංදුවක්
    මම මුලින්ම හිතුවෙ අර පරණ කෑල්ල ආයෙ මුලිච්චි වෙලා තරහට ලියවෙච්චි එකක් කියල.

    ReplyDelete
    Replies
    1. ඩබල් ගේම් ගහනවැයි..

      Delete
    2. නෑ බං, අපි ඩබල් ඩිස්ටිල් නම් ගහනව, බීෆ් තමයි බයිට් එක.

      Delete
    3. නෑ බං, අපි ඩබල් ඩිස්ටිල් නම් ගහනව, බීෆ් තමයි බයිට් එක.

      Delete
    4. පරණ කෑල්ල හම්බවුනහම සිංදු කියන්න වෙලාවක් නැතිවෙයි.

      Delete
  9. ඩිශුම් ඩිශුම් එකක්වත් අහන්නේ නැතුව පැය 7ක් 8ක් යන්න පුලුවන්ද මචෝ.
    හිටං දැම්ම ගිහිල්ලා කාන්තා පාර්ශවයේ එකෙක් දෙන්නෙක් මේ පැත්තට ගෙනහැල්ලා දානවා..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට එක සීරුවට අඬන ඒවා පැය 7-8ක් අහන්න පුළුවන්ද බං

      Delete
  10. දත් තිස් දෙක විරිත්තල හැමතැන ආදරේ ඉල්ලන් ආවට
    හෙන ගහපන් උඹ යන එන හැමතැනදිම උඹෙ ඔළුවට
    ජෙල් උලලා උඩට හදන උබේ කෙහෙල්මල් කොණ්ඩෙට
    ගාන ඒවා විස වීලා හැලියන් හැම කෙස් ගහක්ම

    උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
    කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා......

    විසුළු පපා කෙල්ලෝ පස්සේ ආයෙත් උබ චාටර් වෙනකොට
    කෙල ගහපන් උඹේ මූණට හැම කෙල්ලම එක විදිහට
    කොල්ලන්ගේ දත් ගලවන කෙල්ලෙකු ලඟ ඉන්නාකොට
    හම්බකරන හැම සතයම නැතිවී පලයන් නුඹහට

    උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
    කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....

    උඹේ නමින් ගලපු කඳුළු මගේ ඇසින් කොට්ටෙ උඩට
    සුනාමියක් වී ඇවිදින් ගහගන පලයන් නුඹ හෙට
    මගෙ අත අල්ලන් ඇවිදපු පාරදිගේ වැතිරීහිඳ
    අත දික්කරගන හිටපන් හිගාකන්න රුපියල දෙක

    උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
    කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....



    හිකිස්...පොඩි ඒකිට බනින්න එපා හොදෙයි..ඔයා කියලම තියනවනේ පිළිතුරු ගීයක් ලියන්න බැරි කමක්නැ කියල,ඔන්න මන් ලිව්වා...

    හැක හැක මේක බලලා බනින කොල්ලෝ ඔක්කොම කටුසුටු බන්නින්ට ඇහ..එයා කියල තියන නිසාමයි ඕක ලිව්වේ...හිකි හිකි හිකි

    ReplyDelete
    Replies
    1. හිකිස් කොල්ලෙක් නෙමේ
      //උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
      කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....//
      ඔතන කෙල්ලෙක් වෙන්න ඕනේ හොදෙයි.

      Delete
    2. කටුසු කෝමෙයි කෙලීගේ වැඩ..

      Delete
    3. හා කෙල්ලෙ අතාරින්නෙපා අතාරින්නෙපා..
      දීයං දොඹෙන් යන්න..
      ඊෂ් ඇටි ගින්නට පිදුරු දාමින්

      Delete
    4. හැක්...මම ඉස්සල්ලම හිතුවේ ගෙම්බි සමරිසි විරහ ගීයක් ලියලා කියල.ලියවිල්ල මරු....

      අහගනින්කෝ නංගියේ ඉතින්...අපි දෙන්නා ඕක රෙකෝඩ් කරලා රින්ගින් ටෝන් වලට විකුණමුද?

      Delete
    5. කටුසු අයිය කැමතිනං විකුනමු අනේ...දැන් තියන බිම පෙරලි පෙරලි කෑගහන අදෝනා වලට වඩා මේ දෙක නැගල යයි.හිකි හිකි

      Delete
  11. ඕකවත් නැති උනානං මෙතන බස්එකේ ඩ්‍රැයිවරගෙ අම්මට කියල තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ඕක ඇදගෙන වරෙන් මෙතෙන්ට ගෑන් ළමයි එනවා..

      Delete
    2. මම බස් එක ස්ටාර්ට් කරපු ගමන් කමියට මැසේජ් එකක් දැම්මා "බස් අජිත් නැත්තන් මම බහිනවා" කියලා.ඒක යැවුවා විතරයි මූ දැම්මා කියපන්කෝ "ඔබට සතුටුයිද දැන්" කියන එක.

      Delete
  12. ඇත්ත කථාව .
    http://sinhalabloggala.blogspot.com

    ReplyDelete
  13. හිහි... ලොවෙත් ලොල් සහගතයි.. මම හිතුවෙ කටුස්ස වස් කවියක් ලියල කියල හිහි. ඇයි යකෝ මේමත් කියනවැයි කියනව කියල. උඩ ගිම්මියත් දීල තියෙන්නෙ හිටු කියල

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවට වස්කවි කියාගන්න වෙන්නේ අපිටම තමයි....
      ගෙම්බිත් මරු තමයි හිටං....

      Delete
  14. මුන් මොනරාගල ගිහිල්ල මොනවා කලාද මන්ද

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ඉතින්....වටේ පිටේ ඉන්න කෙල්ලෙක් දිහා බලාගන හිටියා...

      Delete
  15. ලියපං මචං තව ලියපං. ඔය විදිහට ඇල්බම් තුන හතරක් කරල බස්කාරයන්ට නිකං දෙමු.

    ReplyDelete
    Replies
    1. මට ගහයි යකෝ කෙල්ලෝ වටකරගන.

      Delete
  16. මේකෙ අර ගූගල් ෆලෝවර් එක වැඩ කරන්නෙ නැද්ද?

    We're sorry...

    We were unable to handle your request. Please try again or return a bit later.

    ReplyDelete
    Replies
    1. ඔය උඩ තියන පොඩි කොටුදෙක ක්ලික්කරලා බලපන් බං.අද හෙටම මේකට රෙපෙයාර් එකක් දෙන්නවෙයි අටමගෙන් උදවුවක් අරගන.

      Delete
    2. අයෑම් ඉන්. හැක්...

      Delete
  17. ලියපු එකට තනුවක් දාල කියලම ඉම්මු.

    ReplyDelete
    Replies
    1. අර කමියා කියනවනේ අවංක කොල්ලෙක්ම කියන්න ඕනේ කියලා.දන්න කියන එකෙක් නැද්ද වැඩේට ගැලපෙන.?
      හැලපයියේ...උඹ අවංකයිද?

      Delete
  18. අඩෝ සිපිරි.. මනාට කියහන් තනුවක් දාන්න... ඉන්ගිරිසි එකක් නං තියනවා ඔය විදිහෙ.. කාලයක් මගෙ ජනප්‍රියම සින්දුව වෙලා තිබ්බ.. Emon - Fuck it (dont want you back) අන්න සිංදු...

    ReplyDelete
    Replies
    1. තනුව දැම්මට පස්සේ උඹ කියපන්.දැනටමත් මාව හම්බවුනහම මස් කරන්න දෙතුන් දෙනෙක්ම බලාගන ඉන්නවා.....

      You thought, you could
      Keep this shit from me, yeah
      You burnt bitch, I heard the story
      You played me, you even gave him head
      Now you asking for me back
      You just another act, look elsewhere
      Cause you done with me....

      Delete
    2. ඕ යේ....හික් හික් හික්..මට හිනා ඕයි

      Delete
    3. Fuck what I said it don't mean shit now
      Fuck the presents might as well throw 'em out
      Fuck all those kisses, they didn't mean jack
      Fuck you, you hoe, I don't want you back

      අඩෝ ඉස්සර මගෙ ජාතික සිංඳුව තමයි ඕක .....

      Delete
  19. හැක හැක​...මරේ මරු කටුසු....මේ බොසාත් කාන්තා පාර්ශවේම තමයි ආයුබොවන්ඩ​..no විස්සෝප​...මරේ මරු අප්පා..ලෙසටම ලියා තියෙනව නෙව​...අපේ පැත්තෙත් ඇවිදින් යන්ට එන්න සහෝ ...ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. දැන්නම් බ්ලොග පිළිවෙලයි.අනිවා එනවා.ඒකනේ පළවෙනිම ෆලෝවරයාවුනේ......

      Delete
  20. මේ ලිපිය දැක්කේ ඔබ ලියූ පදවැලකට ප්‍රතිචාර දැක්වූවායින් පසුවයි.

    එතැනත් ලියූ පරිදිම -ගුණදාස කපුගේ "ඔබ පෙම් කරනා ඔබේ කුමාරී" වගේ ගීත කෙතරම් හොඳින් වරහව දැනෙන්න ගැයුවාද කියා සිහිවුණා!

    ReplyDelete
  21. මරු සිංදුව බං. I will survive සිංදුව මතක් උනා...

    ReplyDelete
    Replies
    1. 80 ගණන් වල සිංදුවක් නේද?වැඩියම අහලා නෑ.ආපහු අහමු

      Delete
  22. මම හොයා ගෙන තියෙන විදිහට ඔය නහයෙන් අඬන කොල්ලන්ට කෙල්ලෝ බොහොමයක් කැමති නෑ . උන්ට ඕනි මෙන්න මේ වගේ කෙලින් කතා කරන කොල්ලෝ . දැන් ඉතින් පරෙස්සමින්!

    ReplyDelete
    Replies
    1. පිස්සු කියවන්න එපා.වේලි වේලි ඉන්නේ.පොඩ්ඩක්වත් පරිස්සම්වෙන්නේ නෑ මමනම්....

      Delete
  23. ඕල් රයිට් ලගෙ ඩ්‍රමා කියනවානෙ බං 'මගෙ බකල පෙම්වතී' කියල එකක්.. අහද්දිත් කැතයි..
    https://www.youtube.com/watch?v=s-ZS6LxpELQ
    (කාලයක් මාසෙට දෙපාරක් කුරුණෑගල - බෙලිඅත්ත ගියා බස් එකේ.සින්දු අහපුවා තාම දෝංකාර දෙනවා.)
    ජයවේවා..!!

    ReplyDelete
  24. //උඹේ නමින් ගලපු කඳුළු මගේ ඇසින් කොට්ටෙ උඩට//
    ඈ කටුස්සො කොට්ටෙ තෙත්වෙනකන් අඩලා නේද​? හිතේ තියෙන්නේ ඇත්තටම තරහද දුකද කියලත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. කොච්චර හිත් රිදවීම් ඇතිවුනත් ඇය ගැනනම් තරහක් ඇතිවෙන්නෙම නෑ. එහෙම කරන්න මට අයිතියකුත් නෑ.ඇගේ මවු දෙමවුපියෝ ගැනනම් පුදුම තරහක් තියනවා.අදටත් මම ප්‍රාර්තනා කරන්නේ ඇයගේ පියාව මට කවමදාවත් මුන නොගැසේවා කියලයි

      කොහොමවුනත් මේකනම් ඒ ඇත්තීගැන හිතල ලියපුඑකක් නෙමෙයි. ජොලියටම ලියපු එකක්.පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා ඉමා....

      Delete
    2. කොච්චර හිත් රිදවීම් ඇතිවුනත් ඇය ගැනනම් තරහක් ඇතිවෙන්නෙම නෑ. එහෙම කරන්න මට අයිතියකුත් නෑ.ඇගේ මවු දෙමවුපියෝ ගැනනම් පුදුම තරහක් තියනවා.අදටත් මම ප්‍රාර්තනා කරන්නේ ඇයගේ පියාව මට කවමදාවත් මුන නොගැසේවා කියලයි

      කොහොමවුනත් මේකනම් ඒ ඇත්තීගැන හිතල ලියපුඑකක් නෙමෙයි. ජොලියටම ලියපු එකක්.පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා ඉමා....

      Delete