Sunday, March 13, 2016

වෙන්වී යන්නට දවස පැමින ඇත.....


කඳුල රූරා ගලන කොපුලේ - සුමුදු මොලකැටි බව එදා
විඳපු දෙතොලග වියරු සිනහව- මැවෙන හැටි නොදනිමි මෙදා
සොයන සහනය දුන්න හදවත - ගලක් සේ නිසලව තබා
නිහඬ මුණිවත පුරන පෙම්වත - යනු මැනවි දුර කඳු බලා

කැඩුන අත්තටු රිදුම් දුන් කල - හොවා සුරැකිව සෙනෙහසින්
උණුසුමක් දුන් පිණට නුඹ පෙම - බැඳුණ පෙරදින හදවතින්
දරාගන්නට නොහැකි ලෙස දිවි - පිදුව මා හට කවි සිතින්
රැදෙවුවේ නුඹ කොයි ඉසව්වෙද - කියනවද යන්නට කලින්

සඳ එළිය ලඟ තරුව වුන නුඹ - දුන්න සිසිලස ලොභ සිතින්
විඳපු හදවත පැතුවේ ඇයි සඳ - වටහගන්නට බැහැ මටත්
අහිංසක ලෙස බලා සිටි නුඹ - දවාලන්නට බැරි දුකින්
වෙන්වුනත් මම රිදෙන මතකය- සනසගමි ඔබ සිසිලසින්

ලඟ සිටිනවිට හිතට නොදැනුන - හුරු පුරුදු ලෙංගතුකමින්
බලා මා දෙස සිනාසෙනු මැන - වෙන්වයන මොහොතට කලින්
සිතා බලනට ඉඩක් ලද විට - කඳුළු උනනා ඉසිඹුවෙන්
සිහිකරනු මැන කිමිද මා නෙත - කඳුළු වියලන සෙනෙහසින්


කටුස්සා....

39 comments:

  1. Replies
    1. හෙලන්නෙ ඇයි කඳුලැලි බේබදු රතුවුන දෑසේ....

      Delete
  2. දුක හිතෙනවා

    ReplyDelete
  3. අද කාලේ තියෙන සමහර සිංදු වලට වැඩ උඹේ කවි රසයි බං.

    ReplyDelete
    Replies
    1. කාගේහරි හිතට දැනෙනවනම් මම දිනුම්.ස්තූතියි සුධීක අයියේ ගොඩක්...ඉවාන්...උඹටත්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. තුන් තිස් පැයේ ඇඬු කඳුළැලි... වියලෙන්න
    සිත් මංහලේ නැවතුණු බව .....සිහිවන්න
    ලත් සෙනෙහසේ හිමිකම මට ... පවරන්න
    හිත් මන්දිරේ සදහට ඔබ...... නවතින්න
    පායන සඳේ අයිතිය කවුරුද ..........ගන්නේ
    මීදුමෙ සුදේ තැවරුම නැහැ නොව දෙන්නේ
    සායම මලේ පැවරුම නැත හිමි ......වන්නේ
    මා ගැන සෙනේ කවදද ඔබෙ අඩු වෙන්නේ
    ඈතක ගියද මා ඉඳ හිට සිහි......... කරලා
    දෝතක කවිද පා කර දෙනවද ......ලියලා
    මේකුළු මතම මා ලමි පණිවිඩ ...... හදලා
    මෑතක පැමිණ මා හමුවෙනවද ..... රැකලා

    ReplyDelete
    Replies
    1. රැක හමුවන්න ඔබ කිවුවද කවි පෙලකින්
      යන්නට එපා සිත කියනව දැඩි හඬකින්
      ආවොත් උඹ කඩනව අඬු එක පහරින්
      ගොරවන නුඹේ සැමියා මැවෙනව පසෙකින්

      Delete
    2. //ගොරවන නුඹේ සැමියා මැවෙනව පසෙකින්//

      LOL

      Delete
  5. ලස්සන කවි හොදෙ :)

    ReplyDelete
    Replies
    1. මගේ කවියකට කවියක් ගොතන ගොතන පාරක් ගානේ මේ විදිහට ස්තූති කරන්න බෑ.ඒත් ඒ වෙනුවෙන් යොදන කාලයට, ,මහන්සියට ගොඩක් ස්තූතියි ඔබටත්.

      Delete
  6. සුපිරිම සුපිරියි මචං.......... ජයවේවා...

    ReplyDelete
  7. ලස්සනයි! අත්දැකීමක්දෝ කියලත් හිතුනා.

    ReplyDelete
    Replies
    1. ලබුන අත්දැකීම පෙරලුවා අනිත් පාර්ශවයට.බූට් එක දුන්න කෙල්ලගේ ඇහින් බැළුවා....

      පළවෙනි ගොඩවැදුමට වල්කම් උදය අයියේ....

      Delete
  8. ඇයි අප්ප කන්දකටම යන්න කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. යාළුවෙලා ඉන්නකාලේ ඉඳලම කොල්ලා කැමති කන්දක් උඩ පොඩි කඩයක් දාන්නලු.ඒකයි කෙල්ල කියන්නේ ගිහින් දාගනින් තනියම කියලා.

      Delete
  9. //ලඟ සිටිනවිට හිතට නොදැනුන - හුරු පුරුදු ලෙංගතුකමින්
    බලා මා දෙස සිනාසෙනු මැන - වෙන්වයන මොහොතට කලින්
    සිතා බලනට ඉඩක් ලද විට - කඳුළු උනනා ඉසිඹුවෙන්
    සිහිකරනු මැන කිමිද මා නෙත - කඳුළු වියලන සෙනෙහසින්//

    මේ ටිකට නං හදවත මෙව්වා වෙලා ගිය...ලස්සනයි වෙනද වගේම...
    කතා ලියන්න අමතක වෙලාද බොල...:P

    ReplyDelete
    Replies
    1. කතාවක් නොලියපු එකට වගකියන්න ඕනේ ලංවීම තමයි.ලියන්න පටන්ගන්න කොටම විදුලිබලේට ඇණ ගැහුවා ඒ කට්ටිය.

      Delete
  10. කියන්න වචන නැහැ බං. නියමයි.

    ReplyDelete
    Replies
    1. කොහේද බං උඹ අන්තරස්දාන වෙන්නේ හිටපුගමන්....

      Delete
  11. හ්ම්ම් හ්ම්ම් ඔන්න ඔහෙ හිත හදන් අතරමං වෙනවා මේ සැරේ නම්...

    ReplyDelete
    Replies
    1. තනියෙන් අතරමන් වෙන්න ඔට්ටු නෑ.මාවත් එක්කගන පල.තනියන් අතරමන්වෙලා කරදරයක් උනොත් එහෙම.....

      Delete
  12. සඳ එළිය ලඟ තරුව වුන නුඹ - දුන්න සිසිලස ලොභ සිතින්
    විඳපු හදවත පැතුවේ ඇයි සඳ - වටහගන්නට බැහැ මටත්
    අහිංසක ලෙස බලා සිටි නුඹ - දවාලන්නට බැරි දුකින්
    වෙන්වුනත් මම රිදෙන මතකය- සනසගමි ඔබ සිසිලසින්//

    සඳ එලිය ඇති තැන තරුව කුමටද-එලිය තරුවේ මදි
    නුඹට දුන් හද පැතුවෙ නැහැ සඳ-හද දුන්නිමි සඳ වෙත බලෙන්
    අහිංසක මා නොවේ නුඹමයි-මාම තව පතනා හෙයින්
    වෙන්ව ඇතිමුත් දුකක් නැහැ මට-සඳේ සිසිලස වැඩි හෙයින්

    ReplyDelete
    Replies
    1. (පලමු පදය මෙසේ නිවැරදි විය යුතුය)

      සඳ එලිය ඇති තැන තරුව කුමටද-එලිය තරුවේ මදි හෙයින්

      Delete
    2. කාපිය මාව.....

      කෙල්ල ඔහොම කිවුවොත්නම් ගහනවා ඒකිට තඩි ගලකින් ඔළුවටම...අම්මපා

      Delete
  13. අනේ මන්දා බන්.. මොනවා ලියන්නද කියල..

    ReplyDelete
    Replies
    1. උඹත් සෑහෙන්න දේවල් හිතේ හිරකරගන ඉන්නවා නේද මම වගේම.....

      Delete
  14. අනේ මංද බං කවි දෙක තුනක්ම කෙටුව කෙටුව මැකුව
    ආයෙ ඕන නෑ...
    මං හිතන්නෙ රිප්ලයි එකක් වත් කොටා ගන්න බැරි තරං මං මොට්ට වෙලා...

    දුක හිතෙනව බං ඒ හිංද ද නෑ නෑ
    මට කොහෙද දුක හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනවා.....දුක කියන්නේ මොකද්ද බං?

      Delete
  15. පෙම් කරන්නට දන්නෙ නැහැ නුඹ යන්න යනවා ඒ නිසා
    ලියා කවි ගී විරහවක් ගැන කියාපන් දැන් හැම දොසා
    පෙමක් විඳිනේ ඉන්නකොට මිස යන්න ගිය පසු නොව නිසා
    සොයා බලපන් වෙන අතක් ගැන කඳුලු නොහෙලා මා නිසා

    ReplyDelete
    Replies
    1. චැහ්...රිප්ලයි කයියක් ගොතාගන්න බැරි තරමටම මගේ නම්ඹුව කාලා...එකාතකට ඒ බම්බුව තිබුනත් මොනවා කරන්නද ඒකෙන්....

      Delete