Monday, December 26, 2016

දඟ මෙනවිය ඔබ මා වල්මත්කල අරුමැසියයි මෙලොවේ....👧

 

මගේ අතින් ලියවෙනා 
හැම පුංචි කවියකම
සිත ඇඳෙන සිහිනයන් 
මැවෙන හැම කතාවෙම
ආදරය වෑහෙනා 
ගොතන හැම වචනෙකම

සරසන්න ජීවිතය 
යොදන හැම කොම්බුවෙම
මම නොදුටු ලස්සනක් 
හැමදාම සොයාගන
හිතුවේ නැති කතාවක් 
හිත්මත්තේ මවාගන
බැන බැනත් හැමදාම 
ලස්සනයි කියන නුඹ.....

කැණ කැණම​ වදදිදී 
නොකිවුවිට තරහ වී
මේ කතා ලියන්නේ 
කාටදැයි අහනකොට
කිසිදිනක පන්හිඳක් 
නොඅල්ලමි සිතුවාට
නුඹ ඇවිත් නටනවිට 
මගේ මන පුරාවට
වෙන කුමක් කරන්නද 
තව තවත් ලියනු මිස.....

22 comments:

  1. හප්පට සිරි ගජ​......නෙලලා තියෙනවා නෙලිල්ලක් නැගිට ගන්න බැරි වෙන්නම​....රොම්බ නල්ල​ !💩💩💩

    ReplyDelete
    Replies
    1. ඔය මම මේ ඉන්නේ හොඳට නැගිටලා...
      ඕවා වැඩක් නෑ.ලෑස්තිවෙලා හිටපන්. මතකනේ ස්වයංවරය

      Delete
  2. හිතට වදින කවියක් සහෝ, අනේ මන්ද මේ කැටිය පට්ටේටම දැනුන.

    ReplyDelete
  3. මේ පල් හෑලි ලියන එක නවත්තන්නෙ කවද්ද බං??

    ReplyDelete
  4. සුහදිනියේ නුඹ නම්....සැණකෙලියයි මගේ නම්...කවියන්ගේ දෑසේ රස සීමා පනිනා...

    හිත රිදෙන්නම ලියල තියනවා කවිය නම් මලේ...අපිට දැනෙන එකේ ඒ දරිවිටත් දැනේවි ඉතින්...

    ReplyDelete
    Replies
    1. වාත්තු කර ඇති දේහ තලාවට හේත්තුවෙන්නද හෙවනැල්ලෙන්
      කාන්ති විහිදෙන නයන ඉනාවට
      ශාන්තුවර හිත හීදැල්මෙන්.....

      කැලුම් ශ්‍රීමාල්ගේ ඒ වචනනම් මාරයි නේද..

      Delete
    2. ඉරිසියා හිතෙන වචන ටිකක්...සිංදුව අහල තියන වාර ගාන මතක නැහැ... :)

      Delete
  5. ආහ්.. උඹගෙ වෙඩිමෙ ප්‍රි ෂුට් එක කමියා බුකියෙ සෙයා කරල තියනවා දැක්කා.. හැක්

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා කියහන්කෝ.... මම තාම හොයනවා බං ඒ කෙල්ලව

      Delete
  6. හප්පා... බැන බැන හරි රස විඳින එකම මදෑ ඉතින් ඒ දැරීවි

    ReplyDelete
    Replies
    1. හැක්... එයා රසවිඳිනවා.මම රස විඳවනවා.

      Delete
  7. ලස්සන නිර්මාණයක් කටුසු.

    ජයවේවා!!!

    ReplyDelete
  8. ලාස්සනයි කටුස්සගේ හද පිබීදිලා ......

    ReplyDelete
    Replies
    1. පිබිදිලා පරවෙලා කෙලවෙලා ගිහින්.

      Delete
  9. වෙන කුමක් කරන්නද
    තව තවත් ලියනු මිස....
    අපූරුයි.....

    ReplyDelete